රාජකාරී නිමකර නිවසට එමින් සිටියදී ගෙළිඔය ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කියන පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර ගැටඹේ පාසල අසළ මහවැලි ගඟේ තිබී අද (01) හමුවූ බව පේරාදෙණිය පොලීසිය පවසයි.
නල්ලතන්නිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරන ලද පොලිස් සැරයන්වරයා පසුගිය 29 දින නිවසට එමින් සිටියදී ගෙළිඔය නගරයේදී අතුරදන්ව ඇති බවට ඔහුගේ බිරිය පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.
ගෙළිඔය නගරයේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු ඔහු ජලයේ ගසා ගෙන ගියේද යන සැකය මත පොලිස් ජීවිත ආරක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩාටමක් ගෙළිඔය සහ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
අතුරුදන් වූ පොලිස් සැරයන් වරයා පිළිබඳ කිසිදු තොරතුරක සොයා ගැනීමට නොහැකිව තිබියදී ඔහුගේ මළ සිරුර අද (01) හමුවී ඇත්තේ ගෙළිඔය සිට කිලෝ මීටර 10 ක පමණ දුරින් තිබියදීය.
මියගොස් ඇත්තේ ඒ.ඒ සමරනායක (55) නැමැති දෙදරු පියෙකි.සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත් වෙයි.