විදුලි බිල දෙගුණයකට ආසන්න මිලකින් වැඩිකිරීම සඳහා වු යෝජනාව මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියකින් තොරව ලබන ජනවාරියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමක දී කැබිනට් මණ්ඩයල අනුමැතිය සඳහා යොමු කිරීමේ සූදානමක් ඇතැයි “සන්ඩේ ටයිම්ස්“ වාර්තා කරයි.
අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් සහනයක් සහිත යෝජනා ඇතුළත් වුවද එම යෝජනා මගින් විදුලි ඒකකය මිල රුපියල් 42ක් දක්වා වැඩිකිරීමට නිර්දේශ කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
විදුලිබිල වැඩිකිරීමට එරෙහිව මහජන උපයෝගීතා කොමිසමෙන් දිගින් දිගටම විරෝධය පලවීම නිසා රජය මේ තීරණය ගෙන ඇත.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ දි දැඩි දෝෂ දර්ශනයකට ලක් කරනු ලැබුවේය.
කෙසේ වෙතත් ඉකුත් වකවානුවේ සිදුවූ විදුලි ගාස්තු සංශෝධනයෙන් මිලියන 800ක ආදායමක් අපේක්ෂා කළ ද සපුරා ගත හැකි වී ඇත්තේ මිලයන 500ක් පමණක් බවත්, විදුලිබල මණ්ඩලය මේ වනවිට බිලියන 170ක ණය බරකින් යුක්ත බවත් වාර්තා වේ.