දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට එක්වීම සඳහා සේනාධිනායකයා ලෙස එහි ගොස් ඊයේ (17) දිනයේ සිට දියතලාව පුද්ගලික නිවසේ රැඳී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගුවන් මගින් අද (18) කොළඹ පැමිණීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ගුවන් ගමන අවලංගු කර ඇතැයි වාර්තා වේ.
උදෑසන වනවිට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙක දියතලාව කඳවුරේ නවතා තිබිණි.
ජනාධිපතිවරයාට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා තවත් හෙලිකොප්ටර් යානා දෙකක් රත්මලාන සිට වීරවිල ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ ඉන්ධන ලබාගෙන වැල්ලවාය මහජන ක්‍රීඩාංගණය වෙත පිටත් කර යවා තිබිණි.
මීට අමතරව මත්තල ගුවන්තොටුපල වෙත රත්මලාන ගුවන්තොටුපලෙන් ගුවන් යානයක් පැමිණ නවතා තැබීමට ද කටයුතු කර ඇත .