නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (18) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබුවේය. ඔහුගේ නාවික හමුදා සේවය වසර 37කට අධිකය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස ඔහු නාවික හමුදාපති ධූරයට පත් වන්නේ 2020 ජුලි මස 15 වන දිනය.
අද දින නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාර දුන්නේය.