පල්ලෙකැලේ ආශ්‍රිතව ඇති වූ භූ කම්පන වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරීත හුණුගල් තුළ බිඳ වැටීමක් විය හැකි බව භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම කාර්යාංශය වැඩි දුරටත් පවසන්නේ මෙම කම්පන තත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇතිවූ ඒවා නොවන බවය.
පසුගිය 29 වන දින පෙරවරු 8.32ට සහ 2020.09.02 පෙරවරු 7.06ට පල්ලෙකැලේ ආශ්‍රිතව සිදුවූ භූ චලන පල්ලෙකැලේ භූ කම්පන නිරික්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්වයක් ලෙස සටහන්ව ඇති බවත්, ඊට අමතරව මෙම කම්පනය මහකන්දරාව භූ කම්පන මධ්‍යස්ථානයේ ද ඉතාම සියුම් ලෙස සටහන් වී ඇති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.
29 වැනි දින ඇති වූ කම්පනය ගුරුදෙනිය, හාරගම, අනුරගම හා මයිලපිටිය යන ප්‍රදේශවල ජනතාවට දැනී ඇති අතර අද (02) දින ඇති වූ සුළු කම්පන තත්ය අඹකොටේ සහ අලුත්වත්ත ප්‍රදේශවලට තරමක් දුරට දැනී ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයින් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 02ක් ක්ෂේත්‍ර පරීක්ෂණය සඳහා යොමු කර ඇත.
මෙම කම්පන තත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇතිවූ ඒවා නොවන බව භූ කම්පන මාන දත්ත වලින් තහවුරු වන බවත් අදාල කම්පන ඇතිවිමට හේතු වශයෙන් වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුරවල පාෂාණයක් වන විපරීත හුණුගල් තුළ බිඳ වැටීමක් යන අංශ දෙක පිළිබඳව අවධානය යෙමු කර ඇති බවත් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය වැඩි දුරටත් පවසයි.










