වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් අද (31) අලුයම විවෘත විය.
කියුබික් ඝන මීටර් මිලියන 722ක උපරිම ජල ධාරිතාවයෙන් යුත්ත වික්ටෝරියා ජලාශයෙන් තත්පරයට ඝන අඩි 154ක ජල ධාරිතාවයක් මේ වන විට පිටත් වෙමින් පවතී.
කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටොරියා ජලාශය සිය උපරිම ජල ධාරිතාවයට ආසන්න වී තිබෙන අතර වාන් දොරටු පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතියකට සමගාමීව මෙම දොරටු විවෘත කිරීම් සිදුව තිබේ.
මහවැලි ගංගාව හරස් කොට ආරක්කු හැඩයෙන් යුක්තව නිර්මාණය කර ඇති මෙම වික්ටෝරියා ජලාශයේ වේල්ල මීටර් 122 ක උසකින් ද මීටර් 520ක දිගින් ද යුක්තය.
වාර්ෂිකය ගිගාවොට් පැය 780 දක්වා විදුලිය උත්පාදනය කළ ටර්බයින් වලින් සමන්විත මෙම ජලාශය මේ වන විට විදුලි උත්පාදනය සඳහා සිය උපරිම දායකත්වය ලබාදී ඇත.







