මහනුවර හාරගම ප්‍රදේශයේ දී කාර් රථයක් වික්ටෝරියා ජලාශයට පෙරළී යෑම නිසා පුද්ගලයෙක් අතුරුදහන් වී තවත් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර මහරෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරට ලක් වී ඇත්තේ කේ.ඒ.0644 දරණ මෝටර් රථය බව පොලිසිය කියයි.
තුවාල සහිතව රෝහල්ගත කර ඇත්තේ ගුරුදෙනිය මාලිගාතැන්නේ පදිංචි ඉසුරු සුරංජිත් (29) සහ රත්නපුර නවගරයේ පදිංචි රුක්මන් සූරියබණ්ඩාර (49) නැමැති පුද්ගලයින් දෙදෙනාය.
අතුරුදහන් වූ අය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.