අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔමික්‍රෝම් කොවිඩ් මාරකය ගැන ආචාර්ය ජීවන්දර කියන කතාව

by editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වයිරසය ආසදනය කරන  ඇල්ෆා, බීටා, ගැමා, හා ඩෙල්ටා  ප්‍රභේදයන් අමතරව නව ප්‍ර‌භේදයක් මේ වන විට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යමින් පවතින්නේය. මෙම ප්‍රභේදය මෙතෙක් පැතිර ගිය ප්‍රභේද හතරට වඩා බරපතල යැයි මේ වන විට ලොව පුරා  විද්‍යාඥයින් මත පළ කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අසාත්මිකතා හා ජෛව සෛල විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා” ලංකාසර” වෙත සිය අදහස් පළකරමින් සදහන් කළ විස්තරයකි. “

ජාන විශ්ලේෂණ පරික්ෂණ සිදුකරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජාන විශ්ලේෂණ අංශය මගින්. 2020 මාර්තු මාසයේ සිට සෑම මාසයකම  ජානවිශ්ලේෂණ වාර්තාවන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නිකුත් කරනවා. නවතම වාර්තාව පසුගිය 5 වෙනි සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දුන්නා. එම වාර්තාව ට  අනුව තවමත් ලංකාවේ පැතිර පවතින්නේ ඩෙල්ටා ප්‍රභේදය පමණයි.  

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 5වන වයිරස් ප්‍රභේදයක්  ඔමික්‍රෝම් නමින් හදුන්වා දී තිබෙනවා.  මේ දක්වා ඇල්ෆා, බීටා,  ගැමා, හා ඩෙල්ටා  යන ප්‍රභේද හතරක් පැවතුණා. මෙම නව  ප්‍රභේදයත් සමග දැන් ප්‍රභේද පහක් තිබෙනවා. මේ නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්  කොමිට්ක්‍රෝම් නමින් හදුන්වා දී තිබෙනවා. .  දකුණු අප්‍රිකාවෙන් මුලින්ම වාර්තා වුවත් මේ වන විට හොංකෙං, බෙල්ජියම, සිම්බාබ්වේ ඇතුලු තවත් රටවල්කීපයකින් වයිරසය ආසාදනය වූවන්  හදුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මෙය හඳුනාගෙන තිබෙන්නේ  විදේශීය සංචාරකයින් ඇසුරින්.   හොංකොං රාජ්‍ය තුළදී සංචාරයකයෙකුගේ කරන ලද පීසීආර් පරික්ෂණයේදී පලමු වාර්තාව නෙගටිව් වී ඇති අතර දෙවන වාර්තාව පොසිටිව් වී තිබෙනවා. මෙහිදී තමයි මෙම නව ප්‍රභේදය හඳුනාගෙන තිබෙන්නේ. 

මේ වන විට ලොව සියලුම රටවල් ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් දකුණු අප්‍රිකානු ආශ්‍රිත රටවල් වලින් පැමිණෙන සංචාරකයින් පැමිණීම නතර කර තිබෙනවා.  ඒ අතර ශ්‍රී ලංකාවද එම ක්‍රියාමාර්ගයන්ගෙන තිබෙනවා. ඔවුන්ව දින 14කකාලයක් නිරෝදායනයට ලක් කිරීමෙන් අනතුරුව පීසීආර් පරික්ෂණ කර ගැටලුවක් නැතිනම් තමයි  ලංකාවේ සංචාරය කළ හැකි වන්නේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

පැමිණිම නතර කරන්න බෑ…

මේ ප්‍රභේදයන් සදහටම ලංකාවට පැමිණීම නතර කිරීමට හැකියාවක් නැහැ. . ආරක්ෂිත ක්‍රමවේදයන් මගින් බලාපොරොත්තු වන්නේ මෙම වයිරසය රටකට ඇතුළු විමට තිබෙන ඉඩකඩ අවම කිරිමයි. 

මේ ප්‍රභේදයේ විකෘතිතා 30ක් පමණ තිබෙවයා. ඒ හැරුණුකොට   S ජාන ආශ්‍රිතව විකෘතිතා 10ක්  පමණ තිබෙනවා.   මෙය වයිරසයට  ප්‍රතිශක්තිය ලබා දෙන විකෘතිතාවන්.  න්‍යායාත්මක වශයෙන් විද්‍යාඥයින් අනුමාන කරන්නේ මෙම විකෘති තා හේතුවෙන්  ඩෙල්ටා ප්‍රභේදයට වඩා පැතිරීමේ වේගවත් බවක් ඇතිවිය හැකි බවයි. 

මෙය තවම තහවුරු කර නොමැති නමුත් අනුමානයන් පමණයි. රෝගීන් වාර්තා වීම ඉතා සුළු වශයෙන් බැවින් මේ සම්බන්ධයෙන් අනුමානයන් ගෙන ඇත්තේ වයිරසයේ ව්‍යුහය අධ්‍යනයක කිරීමෙන් පමණයි. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපට වාර්තාවන් ලැබේවි. 

ප්‍රතිශක්තිය මගහැරීමේ අවදානමක්

විශේෂයෙන් එන්නත් ලබා දීම මගින් ගොඩනැගුණ ප්‍රතිශක්තිය හා රෝගය වැලදීමෙන් ඟොඩනැගුණ ප්‍රතිශක්තිය අභිබවා නව වයිරස ආසාදනය වී තිබෙන බවට සාක්ෂි තිබෙනවා‍. ඉදිරියේදී නව ප්‍රභේදය හැසිරීම, රෝගලක්ෂණයන්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගහැර යාමේ හැකියාව වැනි තත්ත්වයන් අප ට දැන ගත හැකි වෙයි.

ඇල්ෆා ප්‍ර‌‌‌භේදයේ මෙන් මෙම ප්‍රභේදයේද S ජානය හදුනා ගැනීමේ නොහැකියාවක් පවතී. මේ අනුව පීසීආර් පරික්ෂණයක් මගින් හෝ  S ජානය හදුනා ගැනීමට නොහැකි වීම එම වයිරසය ලංකාව තුල පවතින්නේද නැද්ද යන්න අපට හදුනා ගැනීමේ හැකියාවක් පවතී.  මෙවැනි සැක සහිත සාම්පල ජාන විශ්ලේෂණයන් ලක්කර හදුනා ගැනීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.. ඉදිරියේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජාන විශ්ලේෂණ  ආයතනය මගින් මෙම නව ප්‍රභේදයන් හදුනා ගැනී‌මේ ජනා පරික්ෂණ වැඩි කිරීමට කටයුතු කරමින් පවතිනවා.

 අපේ සූදානම

ලංකාව මේ අවදානමට මුහුණ දීම සඳහා ඉතාමත් හොද සූදානමක සිටිනවා. අවශ්‍ය තරම් ජාන විශ්ලෙෂණ පරික්ෂණ පහසුකම් අපිට ලැබිලා තියනවා.  පීසීආර් පරික්ෂණ කට්ටල අපිට ලැබිලා තියෙනවා. අවශ්‍ය වන්නේ මේ නව ප්‍රභේදය රටතුළට ඇතුලු වීමට තිබෙන ඉඩකඩ හැකි තාක් පමා කිරීමට අවශ්‍ය පියවර ගන්න එකයි. 

ශ්‍රී ලංකාවට මේ වයිරස් ප්‍රභේදය එනවා නම් එන්නේ වයිරසය පැතිර යන රටක සිට පැමිණෙන  විදේශිකයෙකු හරහා.    වයිරසය පැතිර ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති රටවල් වල සිට පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන්   නීති රීති දැමීමක් අවශ්‍ය වන්නේ නැහැ. 

කොහොම නමුත් මේ ප්‍රභේදයන් ලංකාවට එනඑක නතර කරන්න බැහැ. මූලික දේ තමයි දැනට වයිරසය පැතිර තිබෙන රටවල්වලින් පැමිණෙන පුද්ගලයින්ට අනෙකුත් රටවල් වලට ඇතුළු වීම  තහනම් කර තිබෙනවා.  දැනටමත් ලංකාව ඇතුළු රටවල් බොහෝමයක් එය කර තිබෙනවා.

බූස්ටර් එන්නතින් නව ප්‍රභේදයට මුහුණ දිය හැකි ද?

ලෝකසෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුව තමයි මේ බූස්ට එන්නත සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා දීමට කටයුතු කර තිබෙන්නේ. වයස අවුරුදු 60 ට වැඩි අයට ඒ වගේම පළමු පෙළ ක්‍රියාකාරීන්ට බූස්ටර් එන්නත ලබා දුන්නා  මේ මගින් ප්‍රතිශක්තිය තවත් ඉහළ නැංවෙනවා. 

කෙසේ නමුත් දැනට අප්‍රිකාවේ පැතිර තිබෙන ප්‍රභේදය මගින් දරුණු රෝගයක් ඇති වෙනවාද? රෝගලක්ෂණවල වෙනසක් ඇති වෙනවාද ලෝකයේ කවුරුත්  තවම දන්නේ නැහැ. 

ඒ සම්බන්ධයෙන් තවමත් අධ්‍යනය කරමින් සිටිනවා. 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශපාලකයන්ගේ  දිග පළල කියා දුන්නු තිස්ස කුට්ටිගේ වම්බටු!

Next Post

වික්ටෝරියා ජලාශයට මොටර් රථයක් පෙරළෙයි… පුද්ගලයෙක් අතුරුදහන්!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.