ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් බන්ධනාගාර නිලධාරීන්ට දැඩි ලෙස අවවාද කර අපරාධකරුවන් බන්ධනාගාර තුළ සිට ජංගම දුරකථන භාවිත කිරීම වළක්වන ලෙස නියෝග කර තිබුණත් බන්ධනාගාරයේ සිට ජංගම දුරකථනයෙන් කුඩු ජාවරමක් මෙහෙයවූ බොරැල්ල සම්පත් නැමැති ජාවාරම්කරුවා සම්බන්ධව හෙළිදරව් කරගැනීමට සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අද ( 05) සමත් වූහ.
කුඩු නඩුවක් සඳහා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මේ ජාවාරම් කරුවා ඔහුගේ ගෝලයන් යොදාගෙන බන්ධනාගාරය තුළ සිට කරන ජාවාරමක තොරතුරු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබීමත් සමගම ඒ සම්බන්ධව ඔවුන් පුලුල් විමර්ශන අරඹා තිබිණි.
ඒ අනුව බන්ධනාගාරය තුළ සිට බොරැල්ලේ සම්පත්ගේ උපදෙස් පිට කුඩු බෙදා හරින ඔහුගේ ප්‍රධානම ගෝලයෙක් වූ වනාතමුල්ලේ සමිතජීව නැමැත්තා මත්කුඩු ග්‍රෑම් 153ක් සමග නාවලදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.
වනාතමුල්ලේ සමිතජීව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ජාල විශ්ලේෂණ වාර්තා සමග පරීක්ෂා කරන විට පැහැදිලිවම ඔප්පු වී තිබුණේ මේ දුරකතන ඇමතුම් ලැබී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිට බවය.
තවමත් වැලිකඩ බන්ධනාගාරය තුළ දුරකථන භාවිතය සිදුවීම සම්බන්ධව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විශේෂ වාර්තාවක් සකසමින් සිටී.
මේ අතර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ‘වයි‘ වාට්ටුවේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 13 ක්, සිම් කාඩ් 7 ක් සහ බැටරි 150 ක් සොයාගෙ තිබූ අකාරය අද නෙත් නිවුස් වාර්තා කළේය.