බන්ධනාගාර නිලධාරීන්ගේ භට නිවාස පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු 2022.10.19 වන දින පලා ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි.
මෙසේ පලා ගොස් ඇත්තේ එප්පාවල තඹුත්තේගම සහ අනුරාධපුර ගල්කුලමේ පදිංචිකරුවන් දෙපළකි.
එදින බන්ධනාගාර නිලධාරීන් විසින් රාත්‍රී නාම ලේඛනය ලකුණු කරන අවස්ථාවේදී එම රැඳවියන් දෙදෙනා එම ස්ථානයේ සිට නොමැති අතර නිලධාරීන් යොදවා සොයා බැලීමේදී වැලිකඩ බන්ධනාගාර භූමියේ හෝ බන්ධනාගාර බල ප්‍රදේශය තුළ හමු වී නැත.
පලාගොස් ඇතැයි සැක කරන මෙම රැඳවියන් දෙපළගේ පුද්ගලික ලිපිනයන්හි නිවෙස් පරීක්ෂා කළ ද ඔවුන් නිවෙස් වෙත පැමිණ නැති බව හෙළි වී තිබේ.
මෙතෙක් කිසිම තොරතුරක් අනාවරණය වී නැති අදාල රැඳවියන් දෙදෙනා සම්බන්ධව ඊයේ රාත්‍රිය වනතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුව බොරැල්ල පොලිස් ස්ථානය දැනුම්වත් කර නොතිබීම ගැන අවධානය යොමු වී තිබේ.