සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිඟයෙන් පසු වැඩිකළ භූමිතෙල් මිල ලක්ෂ තුනක ධීවර ජීවිත වැල්ලේ වළලන හැටි!

by editor
අගෝස්තු 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

භූමිතෙල් මත යැපෙන අඩු ආදායම් ලාභී පවුල්, ධීවර සහ වතු ක්ෂේත්‍ර සඳහා  ඍජු මුදල් සහනාධාරයක් යෝජනා කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඛණිජතෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට එක් හේතුවක් වූයේ සංශෝධනය කළ යුතුව තිබූ භූමිතෙල් මිල සංශෝධනය නොකිරීම බව ඇමතිවරයා පෙන්වා දෙයි.

ඇමතිවරයා ගේ ප්‍රවේශය යහපත්ය. භූමිතෙල් සඳහා ඍජු සහනාධාරයක අවශ්‍යතාවයෙන් වැල්ලේ මිනිසුන් වැලපෙන්නේය.  ඒ අඳෝනාව මුහුද රළ ඝෝෂාව යටපත් කර ඇති අයුරු දුටුවෙමු.

අප ඉන්නේ ගාල්ල ජාකොටු වැල්ලේය.  මේ මිනිස්සු හාමත් වී සිටිති. ඒ  කුසගින්න ඔවුන් අවේගයෙන් මුසපත් කර සටිති. අප අහන්නට ගියේ භූමිතෙල් මිල මාළු මිලට බලපාන ආකාරය ගැනය. අපට පැහැදිලි කිරීම් ඇසෙන්නේ ආවේගයෙන් හඬ නැගෙන තිත්ත කතා ද සමගිනි.

“මේ මොකක්ද අපිට  උනේ. මේවට තමයි ගහෙන් වැටුණු එකාට ගොනා අනිනවා කියන්නෙ.   මාස තුනක් මුහුදු ගියෙ නෑ භූමිතෙල් නැතිව. අපේ සුලුපන්න කර්මාන්තෙ කරන එක් දින බෝට්ටු වැඩ කරන්නෙ භූමිතෙල් වලින්.  මාස තුනක් රස්සාව නැතිව හිඟා කන්න වැටිලා ඉන්න අපිට ආණ්ඩුව කළ වැඩේ  අපූරුයි. එක දවසට රුපියල් 253කින් භූමිතෙල් ලීටරයක් වැඩි කළා. රුපියල් අසූ හතට තිබ්බෙ. දැන් තුන්සිය හතලිහයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“යකෝ මාස තුනක් රස්සාව කරගන්න බැරිව වැල්ලේ වැළලෙන්න යන අපිට සහනාධාරයක් නේද දෙන්න ඕන.  මුන් කළේ තුන්ගුණයකින් භූමිතෙල් මිල වැඩි කළා.“  තරුණ ධීවරයෙක් අපට කතා කරන්නේ රළ බිඳුමේ ඝෝෂාව යටපත් කරමිනි.

වේලෙන ලෑලිවල “රන් බරට“ කිරෙන මාළු…

ධීවරයින්ට භූමිතෙල් ප්‍රශ්නය ජීවිත ප්‍රශ්නයක් වන්නේ කෙසේදැයි තරුණ  ධීවර කාර්මිකයෙක් අපට තේරෙන ආකාරයට  කියා දුන්නේය. ඔහු බෝට්ටු හිමියෙකි. ධීවර සංගම් ක්‍රියාකාරිකයෙකි.

“ ගොඩබිම යනවා වගේ නෙමෙයි.  මුහුදෙ යන්න තෙල් පිච්චෙනවා වැඩියි. එන්ජින් දුවන්නෙ භූමිතෙල්වලින්. ඔයිල් ඕන. දවසකට හරි විදිහට රස්සාව කරගෙන එන්න රුපියල් අසූ හතට ලීටරේ තිබ්බ කාලෙත් රුපියල් විසි දාහක විතර භූමිතෙල් යනවා. “

“දැන් ඔයිල් ලීටරයක් 2800යි. භූමිතලේ ලීටර අටකට ඔයිල් ලීටර තුනක් දාන්න ඕන. භූමිතෙල් ලීටර 25ක්වත් යනවා යන්තම් රස්සාව කරගෙන එන්න දවසකට. භූමිතෙල් ලීටර 24ක් දවසකට යනවා කියලා හිතුවොත් ඒකට දාන්න ඔයිල් ටිකට විතරක් යනවා රුපියල් 25,200ක්.  රුපියල් තුන්සිය හතලිහ ගානේ තෙල් ලීටර 24ට 8100ක්. අඩුම ගානේ රුපියල්  33000ක් යනවා එක දවසක රස්සාව කරලා එන්න. “ ධීවර කාර්මිකයන්ගේ වටිනාකමත් ගණනය කරනවා නම්    ඔවුන්ට එක් ගමන් වාරයකට දරන්නට සිදුවන මිල රුපියල් හතලිස් දහසකට අධිකය.

“මීට මාස තුනකට කලින් අපි මුහුදු ගියේ  මේ භූමිතෙල් ලීටර 24 රුපියල් 2088ට අරගෙන. ඔයිල් ලීටරේ රුපියල් 1200ටත් අඩුයි. රුපියල් 13000කට අඩු මිලක් තමයි අපි එක දවසකට බෝට්ටුවකට දැරුවෙ. ඉන්ධනවලට විතරක්.“

“දැන් ඒක තුන් ගුණයකින් වැඩි වෙලා… මේ රස්සාවෙ හැටි මෙහෙමයි. මාළු ලැබෙයි ද නැද්ද කියන්න බෑ. මාලු කිලෝ 25යි නම් ලැබෙන්නෙ තෙල් ටිකේ වියදම පියවගන්න කීය ගානෙද ඒව විකුණන්න වෙන්නෙ. මේ විදිහට දවස් දෙකක් පාඩු වුනොත් මුහුදට පනින්න නේද ඒ මනුස්සයට වෙන්නේ. “

ලැල්ලට එන මාළුවා අලෙවි කළ යුතුය. පාන් කියාගන්නට බැරිව සිටින මිනිස්සුන්ට මාළු දෙසීය පනහක් රුපියල් හත් අටසීයට ගන්නට මේ ක්‍රමය විසින් යෝජනා කරන්නේය. එය ප්‍රායෝගික නොවන බව පැහැදලිය. අවසාන ප්‍රතිඵලය මේ ධීවර ජීවිතය සහමුලින්ම ව්‍යසනයට ලක්වීමය. තෙල් වැඩි කරන මිලට මාළු මිලත් වැඩිකළ නොහැකි බව මේ මිනිස්සු පෙන්වා දෙති. කළ යුත්තේ ඔවුනගේ පිරිවැය රටක් ලෙස අඩු කර දීමය.

“අපි ආණ්ඩුවෙන් හිඟා කාපු   මිනිස්සු නෙමෙයි.  ඉල්ලන්නෙ රස්සාව කරන්න පුලුවන් විදිහක් හදලා දෙන්න කියලා විතරයි. මේ මිලට තෙල් අරන් හරි රස්සාව කරන්නම්. එහෙමනම් ඒ ගේන මාළුවලට සාධාරණ මිලක් ලැබෙන විදිහක් හදන්න ඕන.“

“මේ වැල්ලේ බෝට්ටු එකසිය ගානක් තියනවා. මේ එකකටවත් මාස තුනක් තිස්සෙ මුහුදු යන්න බැරිව හිටියා තෙල් නැතිව. ආපු තෙල් ටිකත් බස් කාරයො මාටියා ගැහුවා. දැන් තෙල් ආවත් මේ මිලට තෙල් අරන් මුහුදු යන්න බෑ.  පහුගිය කාලෙ සමහර පුලුවන්කාරයො හොර තිප්පොලවලින් ඩීසල් ලීටරේ ගත්තෙ රුපියල් දාහට. කෑන් දෙක්ක ගෙන්න රුපියල් හැත්තැපන් දාහක් වියදම් කළා. අතින් පාඩුයි… ඇඟේ අමාරුවට සලිල් විසිකරන්න පුලුවන් උන් දැන් වැල්ලෙ නෑ. ගෙදර තියන කණකරත් විකුණගෙන කාලා තමයි මේ නොමැරි හිටියෙ. ඊයේ රෑ මුන් අපිව වැළලුවා..“  වියපත් ධීවරයෙක් කියන්නේ වේදනාවෙනි.

තවත් තරුණයෙක් අවේගශීලීය.    මිනිස්සු විදිහට අපි මොනතරම් අසරණ ද?මාස තුනක් ගෙදර හිටියෙ. සහනයක් දෙන්න වෙලාවෙයි  මෙහෙම කළේ.   රටට ආදරයක් තියනවා නම්, මිනිස්සුන්ට ආදරයක් තියනවා නම්  මුන් මෙහෙම කරයි ද?. සහනයක් දෙන්න ඕන වෙලාවෙ ඔන්න මුන් දුන්න සහනෙ. “

“උන්ට කන්න බොන්න තියනවා. රජයට කරදරයක් නැතිව අපි ජීවත්වෙන්නෙ. “

ඔහු කියන කතාව සාධරණය. දැල් ආම්පන්න ඔවුන්ගේය. බෝට්ටු ඔවුන්ගේය. ධීවර කර්මාන්තය කෙරෙහි ඇති කාර්මික ඥානය ඔවුන් මුහුද සමග ගැටෙමින් ලබා ගත් එකකි. එය ඔවුන්ගේය. ඒ දැනුම් සහිතව ඔවුන් නෙලා ගන්නා අස්වැන්නෙන් මත්ස්‍යවර්ග 118 අධික ප්‍රමාණයක් විදේශයන්ට ආනයනයක කරනු ලබන්නේය.

හතර අතේ ඩොලර් හිඟා කන හිඟන ජාතියට ලැබෙන විදේශ විනිමය ටික හෝ ලබා ගැනීමට සුදුසු කළමනාකරණයක් නැත. කොවිඩ් වසංගය ධීවර කර්මාන්තය විකල් කරද්දී, එක්ස්ප්‍රස් පර්ල් ගිනිගෙන මුහුද වස වී මුහුදට බැසීමට ධීවරයින්ට තහනම් වෙද්දී  ඩොලර් මිලියන   318ක ආදායමක් ධීවර කර්මාන්තයෙන් ලැබූ බව රටට කීවේ එවකට ධීවර රාජ්‍ය ඇමතිව සිටි වත්මන් බලශක්ති ඇමතිවරයාය.

වාර්ෂිකව ලැබෙන විනිමය සංචිතය ගැන හෝ කල්පනා කර ඉන්ධන සහනයක් ධීවර ප්‍රජාව වෙනුවෙන් ලබා දිය යුතුව තිබිණි. තවමත් ඒ පිළිබඳ වැඩපිළිවෙළක් නැත.

එක්සත් ධීවර හා කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්.විජේන්ද්‍රන් කීවේ    අවසන් සංගණනයේ දත්තවලට අනුව   භූමිතෙල් ආධාරයෙන් පණ ගැන්වෙන කුඩා   එක්දින එන්ජින් යාත්‍රා  25500ක් තිබෙන බවය.  භූමිතෙල් නැති නිසා එම යාත්‍රා පසුගිය මාස තුනක කාලය තුළ තිබුණේ වැල්ලේය.

අඩුම තරමින් පවුල් හැට දහසක් අනාථය. පුද්ගලයින් ලෙස ගත්තොත් ලක්ෂ තුනක පිරිසක් කුසගින්නේය. ගාල්ලේ ජාකොටු වැල්ලෙන් ඇසෙන්නේ ඒ වේදනාවය.

විලේන්ද්‍රන් මාධ්‍යයට කියා තිබුණේ මෙසේය.

“අපි තේරුම් ගන්න ඕන ගොවියන්ට පෝර ටික වගේ සුලුපන්න ධීවරයට භූමිතෙල් ටික ලැබෙන්න ඕන ඔවුන්ගේ අස්වැන්න රටට ගේන්න. මොකද ලංකාවේ ධීවරය කර්මාන්තයෙ ජීවනාලිය තමයි මේ  වෙරළාසන්න මුහුදේ මත්ස්‍ය සම්පත අල්ලා ගොඩට ගේන යාන්ත්‍රික කුඩා ධීවර යාත්‍රා සමූහය.  මේ යාත්‍රාවලින් තමයි අපනය කරනු ලබන පොකිරිස්සන්, කකුළු වර්ග, දැල්ලන්, මුහුදු ඉස්සන්, විවිධ වර්ගයේ ගල්මාළු, මුහුදු කූඩැල්ලන්, පන්නාවො, පුළුන්නා, තෝරා, අංජිලාවා, වච්චාලයා, සාවාලයා, වැනි මසුන් අල්ලන්නේ.

ඒ වගේම රටේ ජනතාව වැඩියෙන්ම පරිභෝජනය කරන   හුරුල්ලා, සාලයා, සූඩායා, හාල්මැස්සා, පියාමැස්සා, කුම්බලාවා, පරව් වර්ග, ඇටවල්ලා, අලගොඩුවා, ලින්නා, ගල්මාළු  අස්වැන්න ගෙනෙන්නෙ මේ කුඩා බෝට්ටුකරුවන්. ඔවුන්ගෙ ඛේදවාචකය තමයි දැන් ඔබේ බත් පතට දැනෙන්නෙ…“

ඒ ඛේදවාචකය අලුත්  මුහුණුවරකින් දිගුවී ඇත.  දරාගත නොහැකි සේ භූමිතෙල් මිල ඉහළ ගොස් තිබේ. මේ පීඩනය නිසා මතුවන විරෝධය උද්දච්ඡ ආණ්ඩු කකුල් කෙටියෙන් උස්සා පොළොවේ ගැසූ ඉතිහාසයක් තිබිණි. 2012 පෙබරවාරි 15 භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩිවීම දරාගත නොහැකිව මගට බට ධීවරයින්ට රාජපක්ෂ ආණ්ඩු වෙඩි තැබුවේය. හලාවත වැල්ලේ වෙඩි කා මළ ඇන්ටනිගේ රුධිරය සාපයක් වී මහේශාඛ්‍ය නායකයා 2015 ජනවාරි මුල් සතියේ  මැදමුලන නිවෙසේ ජනේලයක එල්ලා තැබූ අයුරු අමතක වන්නට විදිහක් නැත.

රනිල් වික්‍රමසිංහගේ උද්දච්ච ආණ්ඩුවත් තේරුම් ගත යුතුදෙය නම් මේ මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමේ භායනක සූදුව ඔවුන්ගෙ ඉරණම නියත ලෙසම තීරණය කරනු ඇති බවය.

මේ මිනිස්සු වෙනුවෙන් භූමිතෙල් සාධාරණ මිලකට ලබා දෙන වැඩපිළිවෙළ මේ ආණ්ඩුවේ ජීවිත කාලය තීරණය කරනු ඇති බව ලියා තැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරිරු ත්‍රස්ත පනතක් ක්‍රියාත්මක කර ලංකාව වැටුණු තැන ගැන “ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්“ කතා කරයි!

Next Post

වසන්ත මුදලිගේලා රඳවා ගැනීම ගැන ලෝකයෙන් රටට එන පිළිකුල….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.