වැල්ලවත්ත නිවසක් තුළ තිබී කෝටි තුනකට වැඩි වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 16ක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
බම්බලපිටිය රිජ්වේ ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.
විමර්ශන අංශ පවසන්නේ මෙම සැකකරු විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වැලිඔය ප්‍රියන්ත හා SF ජගත් නැමැත්තාගේ සමීපතමයෙකු බවය.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකෙරේ.







