පසුගිය සඳුදා (28) වැල්ලම්පිටිය කිත්තම්පහුවේ දී ත්‍රීරෝද රථයක් තුළ වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා ඝාතන ස්ථානයට උපක්‍රමිකව කැඳවාගෙන පැමිණ වෙඩි තබා ඝාතනය කර ඇති බව හෙළි වී තිබේ.
ඝාතකයින් දෙදෙනෙක් විසින් පිස්තෝලයකින් වෙඩි තබා මරා දැමූ මොහොමඩ් සහජාන් (47) නැමැති පුද්ගලයා එම ස්ථානයට රැගෙන පැමිණි කාන්තාවත් එම කාන්තාවට මුදල් ලබා දී ඒ කටයුත්ත සඳහා යෙදවූ පුද්ගලයාත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගෙන ඇති සැකකාර කාන්තාව වයස අවුරුදු 33ක් වූ කොළඹ 15 අලුත් මාවත පාර පදිංචිකාරියකි.
ප්‍රශ්නකිරීමේ දී ඇය පවසා ඇත්තේ ඇය විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙත් සහ අපරාධකරුවෙක් සමග දුරකථනයෙන් සම්බන්ධතා පැවැත්වූ බවය.
ඔහුගේ දැනුම් දීමකට අනුව ඝාතනය වූ පුද්ගලයා සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගත් බවත්, කුලී ගමනක් යන මුවාවෙන් එම තැනැත්තාව ඝාතනය කළ ස්ථානය වෙත රැගෙන පැමිණි බවත් ඇය පවසා ඇත.
ඒ කටයුත්ත සඳහා මෙම කාන්තාවට මුදල් ලබා දී ඇතැයි අනාවරණය වී තිබේ. ඇයට එම මුදල ගෙවා ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
ඇය ලබා දුන් තොරතුරු අනුව ඊයේ (31) දහවල් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් දාහත් ලක්ෂ පනස් නව දහස් නවසිය අසූවක්, ජංගම දුරකථන 09ක් සමග අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දි හෙළි වී ඇත්තේ ඔහු විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙක් බවය.
එම ජාවාරම්කරුගේ මත්කුඩු ජාවාරම මෙහෙයවමින් ඔහුගේ මුදල් පරිහරණය කිරීම සිදුකරනු ලැබ ඇත්තේ මෙම පුද්ගලයා විසිනි.
මෙම ඝාතනය සැලසුම් කර ඊට මෙම කාන්තාව යොදවා ඇයට ගෙවීම් කර ඇත්තේත්, ඝාතකයන්ට ගෙවීම් කර ඇත්තේත් මෙම පුද්ගලයා විසින් බව අනාවරණය වී ඇත.
සැකකරු හා සැක කාරිය අද (01) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
වැල්ලම්පිටිය පොලිිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.