සුමිත් පොතුපිටිය
තියුණු ආයුධවලින් කපා කොටා තරුණයෙකු ඝාතනය කර වසර 12ක් සැඟව සිටී සැකකරුවකු ඊයේ (31) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්කඳවිල , මාරගස්විල ප්‍රදේශයේ පදිංචි 59 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
2011 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින පයාගල මාරගස්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ගුනහින්නගේ ගයාන් ෆ්‍රී දිනේෂ් නමැති 28 හැව්රිදි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී සිටී සැකකරු, ප්‍රදේශයෙන් පලාගොස් වසර 12 ක් පමණ තැන තැන සැඟව සිට ඇති බවද පොලිසිය කීය.
දීර්ඝ කාලයක් විමර්ශනය කළ පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත දොඩංගොඩ පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් එක්ව වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීය.
දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.