බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැන්ඩා ගැන කතාවක්!

by editor
අගෝස්තු 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රන්ජන් පරණවිතාන යනු මේ රටේ සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ක්‍රීඩා කර්තෘවරයෙකි. ජාතික තලයට ක්‍රීඩකයන් බිහි කළ විශිෂ්ට පුහුණු කරුවෙකි. තවමත් නිහඬව රටේ ක්‍රිකට් වගකීම් සම්භාරක් උසුලමින් නිහඬව ක්‍රීඩාව විචාරය කරන වින්දනය කරන විචාරකයෙකි. රසවතෙකි. ඔහු සිය ෆේස් බුක් ගිනුමේ ජෙෆ්රි වැන්ඩර්සේ ගැන අපූරු සටහනක් තබා තිබිණි. ඒ සටහන උපුටා පළ කරමු.

 

රන්ජන් පරණවිතාන –

ක්‍රිකට් කරළියේ අලුත්ම වීරයා වැන්ඩසේය.

කවුරුත් ඔහුට කියන්නේ වැන්ඩා කියාය.

වැන්ඩා ඊයේ දැක්වූයේ ක්‍රිකට් වල කියවෙන අපූරු කම් බෑක් එකකි. ඕනෑම ක්‍රීඩකයකු සතු විය යුතු අධිෂ්ඨානය, අභියෝගයට මුහුණ දීම වැන්ඩාට හොඳින් පිහිටා නොතිබෙන්නට වනිදුගේ අඩුව පුරවන්නට පැමිණ ඔහුටත් වඩා හොඳින් ඉටු කර පෙන්නන්නට නොහැක.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙය ක්‍රීඩාවේ තම ගමන් මගේ ඉදිරියට යන්නට නම් ක්‍රීඩකයකු තුළ තිබිය යුතුම ගුණාංගයකි. බොහෝ ක්‍රීඩකයන් වරද්දා ගන්නේ මං පොර වීමට යාමෙනි. මින්පසු වැන්ඩාටත් එම රෝගය නොවැළඳුනොත් තව බොහෝ කලක් යා හැකිය.

වැන්ඩා සම්බන්ධ මෙවැනිම කතාවක් මීට දස අවුරුද්දකට කලින් සිදු විය.

ඒ අවදියේ වැන්ඩා මා පුහුණුකරු ලෙස කටයුතු කළ බදුරලිය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කිරීමට පැමිණියේය.
වැන්ඩාට වඩා පළපුරුදු වමත් දඟ පන්දු යවන්නකු වූ රනිල් ධම්මික එකොළහට ඇතුළත් වීම නිසා මුල් තරග දෙකේම වැන්ඩා සිටියේ බංකුවේය.

ඊළඟ තරගයට පෙර පුහුණුවීම් අතර තුර වැන්ඩා මවෙත පැමිණ මෙසේ කීවේය.

” සර් .. මං SSC ගහන්න යන්නද ? “

බදුරලිය පිලේ ඒ වන විට බංකුවේ සිටි වැන්ඩාගේ ඒ කතාවට පුදුමයට පත් වූ මා ඇසුවේ
” කවුද කතා කළේ? “යනුවෙනි.

” අවිශ්ක සර්!”

ඒ වන විට SSC පිලේ පුහුණුකරු වූයේ අවිශ්ක ගුණවර්ධනයි.

එවෙලේම අවිශ්කට දුරකථන ඇමතුමක් ගත් මා මේ කතාව ඇත්තදැයි විමසුවෙමි.

” ඔව් අයියේ. මගේ ඔක්කොම ස්පිනස්ලා ටුවර් ගිහින්. වැන්ඩා හෙට ආවොත් මං ඊළඟ මැච් එකේ ගස්සනවා.!”

ක්‍රීඩක ලියාපදිංචිය අනුව එක් තරගයක් හෝ ක්‍රීඩා කර නැත්නම් වෙනත් ක්‍රීඩා සමාජයකට යාමට හැකියාව තිබුණු අතර ඒ සඳහා තමන් ලියාපදිංචි වී සිටින ක්‍රීඩා සමාජයෙන් මුදා හැරීමේ ලිපියක් ලබා දිය යුතුව තිබිණ.

ඊළඟ තරගය ගස්සවා වැන්ඩා මුළු තරගාවලියේම බදුරලියේ තබා ගන්නට තිබුණද ( අද බොහෝ ක්‍රීඩා සමාජ කරන්නේ එයයි) මා කළේ ඊලඟ මැච් එකට  ගස්සනවා නම් මං වැන්ඩා එවන්නම් යයි අවිශ්කට කියා පසුදිනම වැන්ඩා SSC වෙත යැවීමයෙ.

බදුරලියේ ක්‍රිකට් ලේකම්වරයාද මා නිසා එදිනම මුදා හැරීමේ ලිපිය යැවීමට හැකි විය.

කියූ පරිදිම අවිශ්ක ඊළඟ තරගයේ වැන්ඩාව SSC කණ්ඩායමේ ක්‍රීඩා කරවූ අතර තම මුල්ම තරගයේ වැන්ඩා කඩුලු 7 ක් දවා ගත්තේ අප සියලු දෙනා මවිතයට පත් කරමිනි.

ධනන්ජය සිල්වා පාසලෙන් රැගෙන විත් බදුරලියේ ගස්වා ඔහු අද ශ්‍රී ලංකා පිලේ නායකත්වයද දරමින් ක්‍රීඩා කරනු බලා ලබන සතුටම කුහක නොවී වැන්ඩා බදුරලියෙන් SSC පිලට යවා ඉන් ලැබූ පන්නරයෙන් ශ්‍රී ලංකා පිලට පැමිණ ඔහු දැක්වූ දස්කම රූපවාහිනියෙන් නරඹා අත් කරගත්තෙමි.

මෙවැනිම සිද්ධියක් ලක්ෂාන් සඳකැන් අරභයාද සිදු විය. එයද වෙනම රසවත් කතාවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල දිස්ත්‍රික් පලාත් පාලන හා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් පොහොට්ටු අපේක්ෂකයාට සහයෝගය දෙන්න නාමල් ඉදිරියේ දී ඒකමතිකව එකඟ වෙලා….

Next Post

හෂාන් අප්සාරිත් එක්ක සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.