ලලිත් චාමින්ද –
ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරණු ලබන අපේක්ෂකයාට සහයෝගය පළකලයුතු බවට ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන හා හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ නියෝජිත හමුවට ඉදිරිපත් වු යෝජනාව එකමතිකව සම්මත වු බැව් දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති හා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චම්ලි විතානාච්චි පවසයි.
මෙම නියෝජිත හමුවට සහභාගිවු හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානින්, පළාත් පාලන නියෝජිතයින් සහ හිටපු පළාත් සභා මන්ත්‍රිවරු මෙකි යෝජනාවට දෑත් ඔසවා අනුමැතිය පලකළ බවද චමිලි විතානාච්චි සදහන් කළේය.
මෙකි නියෝජිත සමුළුව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නිතිඥ නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (04) පස්වරුවේ දි ගාල්ල වදුරඹ ප්‍රදේශයේ හෝටලයකදි පැවැත්විණි.
මෙකි නියෝජිත හමුව සදහා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඉසුරු දොඩංගොඩ, සංජිව එදිරිමාන්න, හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන්වන චන්න සාලිය මෙන්ඩිස්, චානක මාදුගොඩ, ආරියවංශ සම්මු, ගාල්ල හිටපු මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු, බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනුර නාරංගොඩ ඇතුළු පළාත් හිටපු පාලන ආයතන ප්‍රධානින් ඇතුළු පළාත් පාලන නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.







