වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් කොමිසම අතර මේ වනවිට ඇති වී තිබෙන දැඩි ආරවුලට ප්‍රධාන හේතුව වන්නේ පාලිස්පතිවරයා පත් වූ පසු පොලිසියේ ඊට පහළින් වනවිට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාවන ලලිත් පතිනායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – පරිපාලන තනතුරින් ඉවත් කිරීමට ගත් උත්සාහය පොලිස් කොමිසම විසින් අනුමත නොකිරීම බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
තවමත් පොලිස්පතිවරයා ලෙස පිළි ගැනෙන්නේ අධිකරණයෙන් ස්වකීය රාජජකාරි අවාරණය කිරීම තහනම් කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන්වන අතර ප්‍රියන්ත වීරසූරිය වැඩ ආවරණය කරන පොලිස්පතිවරයා ලෙස පත් වන්නේ උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මූලික රාජකාරිය කරමිනි. උතුරු මැද පළාතට තවමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කර නැත. ඔහුගේ රාජකාරිය තවමත් අධීක්ෂණය වන්නේ පොලිස් කොමිසම යටතේය. වැඩ ආවරණය කරන පොලිස්පතිවරයා පොලිස් කොමිසම සමග මේ ගැටුම ඇති කරගන්නේ එවැනි පරිසරයක් තුළ සිට බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ පොලිස්පතිවරයා පත් කළ පසු ඔහුට පහළින් සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට පොලිස් පරිපාලන අංශය භාර දීමය. පොලිස් පරිපාලන ප්‍රධානී තනතුර දරන්නේ ඊලඟ පොලිස්පතිවරයා බවට තහවුරුකරන මට්ටමට එම සම්ප්‍රදාය පොලිසිය තුළ මුල් බැසගෙන ඇත.
මේ වනවිට ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරින් මාරු කර ඒ සඳහා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරගැනීමට කරන උත්සාහය පොලිස් කොමිසම සහ වැඩ බලන පොලිස්පතිවරයා අතර ගැටුමට හේතුවී ඇති බව ආරංචි මාර්ග පවසයි.
පොලිස් කොමිසමේත්, පොලිසියේත්, දේශපාලන ආරංචි මාර්ගවලත් හෙළිකිරීමට මේ ගැටුම ආරම්භ වන්නේ වැඩ ආවරණය කරන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදේශ සංචාරයක් යන අවස්ථාවේ ස්වකීය රාජකාරි ආවරණය සඳහා ඔහුට පසු පොලිසියේ සිටිනා ජ්‍යෙෂ්ඨම නිලධාරියාවන පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ලලිත් පතිනායක වෙනුවට වෙනත් නිලධාරියෙක් නිර්දේශ කිරීමත් ජනාධිපති ලේකම්වරයා විසින් එම නිර්දේශය අනුමත නොකර ලලිත් පතිනායකව පත් කිරීමත්ය.
එමෙන්ම ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට ලලිත් පතිනායක කැඳවීමත්, ජනාධිපතිවරයා යාපනයේ ගිය අවස්ථාවේ දී ජනාධිපති වෙනුවෙන් පොලිස් සම්බන්ධීකරණ කටයුතු ලලිත් පතිනායක වෙත පැවරීමත් මේ සීතල යුද්ධය ඇවිලවීමට තවත් උත්තේජනයක් වූ බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පොලිස්පතිවරයා පොලිස් කොමිසම පිළිබඳව සිය අප්‍රසාදය පසුගිය දා ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඊට තද බල පිළිතුරක් ඊයේ (05) ඔහුට පොලිස් කොමිසමෙන් ලැබී තිබිණි.







