මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය අසලදී පසුගිය පෙබරවාරි 18 වනදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් මීගස්ආරේ කජ්ජා නමින් හඳුනුවනු ලැබූ අරුණ විදානගමගේත් ඔහුගේ 6 හැවිරිදි සහ 09 හැවිරිදි කුඩා දරුවන් දෙදෙනාත් මිද්දෙණියේදී ඝාතනය කළ සැකකාර වෙඩික්කරු අත් අඩංගුවට ගත් බව පොලිස් විමර්ශන අංශ පවසයි.
මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය අසලදී පසුගිය පෙබරවාරි 18 වනදා රාත්‍රියේ මෙම ත්‍රිත්ව ඝාතනය සිදුකර තිබුණේ T-56 ගිනි අවියකින් වෙඩි තැබීමෙනි.
එම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්කළ 39 හැවිරිදි අරුණ විදානගමගේ එම ස්ථානයේදීම මියගොස් තිබුණි.
මෙම අපරාධයට අදාළව අද අත්අඩංගුවටගත් සැකකරු සමඟ මේ දක්වා සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් සහ යුද හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී සිටි හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ද වෙති.
සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට වැඩිදුර විමර්ශන සිදු කරයි.







