බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු සමයේ වෙළෙඳපලට දාන්න ගබඩා කරගෙන තිබූ කුණු පිටි මෙට්‍රික් ටොන් 750ක් අල්ලයි!

ඇසුරුම් 30000ක අසුරනු ලැබූ පිටි තොගය ප්‍රධාන ගබඩාවක සඟවා තබලා....

by editor
මාර්තු 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි මෙට්‍රික් ටොන් 750ක් සහිත අසුරන 30000 ක් අත් අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (05) කටයුතු කර තිබේ.

එම අධිකාරිය පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරණය කරගත් තොරතුරු මත වත්තල, ඇලකන්ද පාර, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාකර අවුරුදු සමය ඉලක්ක කරගෙන වෙළදපොලට නිකුත්කිරීමට සුදානම් කර තිබු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මෙම තිරිගු පිටි තොගය සොයාගෙන තිබිණි.

අදාල තිරිගු පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු / මැයි මාසය ලෙසත් කල් ඉකුත්වන දිනය මෙම වසරේ මාර්තු / මැයි ලෙසත් සදහන්කර තිබුණ අතර එම තොගය දැඩි ලෙස කෘමි ආසාදනයට ලක්ව තිබී ඇත.

ඉදිරියේ දී මෙම තොග වෙළදපොලට නිකුත්වීම වැලැක්වීම සඳහා අදාල භාණ්ඩ නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

පසුගිය කාල සීමාව තුල ස්ථාන ගණනාවකින්ම මෙවැනි මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගුපිටි තොග සම්බන්ධව වැටලීම් සිදුකරන ලද අතර ඒ සම්බන්ධව නීතිමය පියවයර ගනිමින් පවතින බව පවසන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අඛණ්ඩව වාර්තාවන මෙම තත්ත්වය නිසා තිරිගු පිටි මිලදී ගැනීමේ දී සැපයුම් කරුවන් සහ අදාල භාණ්ඩවල තත්වය සම්බන්ධව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

කෘමි ආසාදිත පිටි තොගය…

එමෙන්ම අතරමැදි පුද්ගලයින් විසින් වෙළදපොලට භාණ්ඩ සැපයීමේ දී ඔවුන් සම්බන්ධව විමසිලිමත් වෙමින් මිලදී ගැනීම් සිදුකරන ලෙස එම අධිකාරිය ව්‍යපාරිකයින්ට දන්වයි .

මෙවැනි කෘමි ආසාදිත තිරිගු පිටි බේකරි සහ ආහාර නිෂ්පාදනය සඳහා භාවිතකරන්නේ ද යන්න සම්බන්දව මෙන්ම සහ වෙළදපළේ අලෙවියට ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධව ද සොයාබලමින් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බවත් මෙවැනි වෙළෙඳුන් පිළිබඳව තොරතුරු ඇතිනම් පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දී ජනතා වගකීම ඉටු කරන ලෙසත් එම අධිකාරිය ඉල්ලා සිටී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩ ආවරණය කරන පොලිස්පති සහ පොලිස් කොමිසම අතර ගැටුමට මුල පොලිසියම කියයි!

Next Post

මර්වින් සිල්වා CID අත් අඩංගුවට…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.