සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩිකළ විදුලිබිලට පන්සලෙන් විරෝධය… වප් පොහොය දා පන්සල් අඳුරේ !

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විහාරස්ථානවල විදුලි බිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් එළඹෙන පුන් පොහෝ දින විහාරස්ථානයන්හි   විදුලි පහන් නිවාදමා දායකයින් සමඟ එක්ව විරෝධය දැක්වීම සඳහා වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාවට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක,ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම ඊයේ (19) එම විහාරස්ථානයේදී පවත්වා ඇත.

ඉදිරියේදී කඨින චීවර පූජා ඇතුළු බෞද්ධාගමික උත්සව හා වැඩසටහන් රැසක් සිදු කිරීමට නියමිත බවත් අත්තනෝමතික ලෙස විදුලි බිල වැඩි කිරීම නිසා මේවන විට එම උත්සව පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් ගලහ සිරිසාන්ත හිමියන් සංඝ සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළහ.

මැති ඇමතිවරු රුපියල් කෝටි ගණනින් හිඟ විදුලි බිල් නොගෙවා සිටියදී මේ අන්දමින් භික්ෂූන් වහන්සේ අපහසුතාවට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද උන්වහන්සේ කීහ.

විහාරස්ථාන වල විදුලිය අවභාවිත වන බවට ඇමැතිවරයා කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් අදාළ ගැටලුව සම්බන්ධව ජනපතිවරයාගේ මෙන්ම බුද්ධශාසන අමැතිවරයාගේ අවධානය කඩිනමින් යොමු විය යුතුව තිබෙන බවත් සිරිසාන්ත හිමියෝ ප්‍රකාශ කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර ඊයේ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන   සහ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ අමාත්‍ය, නියෝජ්‍ය  අමාත්‍යවරුන් පිරිසක් මිහින්තලේ පූජා භූමිය වෙත ගිය අවස්ථාවේ දී එහි විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවහැංගුණවැවේ ධම්මරතන හිමියන් රජය විවේචනය කරමින් විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳවද අගමැතිවරයා ඇතුළු නියෝජිජිත පිරිසට දෝෂාරොපණය කළහ.

උන්වහන්සේද පවසා සිටියේ  මේ විදුලිබිල ගෙවන්නට තමන්වහන්සේට නොහැකි බවය.

එමෙන්ම පෙරෙදා ගාල්ලේ පැවති ආගමික උත්සවයකට සම්බන්ධ වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන කීවේ පන්සල්වල විදුලි ආලෝකය නොදල්වා තැබිය නොහැකි බවත් පන්සල් ඇතුළු ආගමික සිද්ධස්ථාන වෙත විදුලි බිල සම්බන්ධව සාධාරණ ප්‍රවේශයක් අනුගමන කිරීම සඳහා තමන් අදාල අංශ වෙත යෝජනා කරන බවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිනිස්සු කොවිඩ් එන්නත ගන්නෙ නෑ… එන්නත් කරන්ගන්නෙ විදෙස්ගතවන අය පමණයි… උපුල් රෝහණ

Next Post

පාර්ලිමේන්තුව සිල්ලරට ගන්න එපා… ජනාධිපතිගෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට දැනුම් දීමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.