පාර්ලිමේන්තු පැවැත්වෙන දින වල දී කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු සියලු දෙනාම උදේ 9 සිට සවස 5 දක්වා පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් ආණ්ඩු පක්ෂය විසින් සියලුම මැති ඇමතිවරුන් වෙත දැනුම් දී තිබේ.
එමෙන්ම අණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු නියෝජිතයින් ඡන්ද විමසුමක් සිදුකරන දිනයේ දී පාර්ලිමේන්තුවේ රැඳී සිටීම ජනාධිපතිවරයා විසින් අනිවාර්ය කර ඇත.
එමෙන්ම මහජන ගැටලු නිරාකරණය සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවල සභාපතිවරුන් තමන්ට අදාල දියන්හි උදේ 9 සිට සවස 5.30 දක්වා එම කටයුතු වෙනුවෙන් මුලුමනින්ම කැප කිරීම අනිවාර්ය බවද දන්වා ඇත.
මෙම තීන්දුව ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඇසූ විට ඊට පිළිතුරු ලබා දීමට වගකිවයුතු ඇමතිවරයෙක් නැති තත්ත්ව නිරන්තරයෙන් පාර්ලිමේන්තුවෙන් වාර්තා වීම තුළය.