වාලච්චේන කුඩුම්බිමලෙයි ප්‍රදේශයේ දී සඟවා තිබියදී සොයා ගත් රොකට් විදිනයන් තුන සම්භන්ද වැඩි දුර පරීක්ෂණ පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
මේ සම්බන්ධව තොරතුරු ලැබී ඇත්තේ විදෙස් රටක ඔත්තුවකින් බවද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.
යුද සමයේ වළ දැමූ බව කියන රොකට් ලෝන්චර් තුනක් වාලච්චේන ප්‍රදේශයෙදී ඊයේ සොයා ගත්තේය. පොලිසිය ප්‍රකාශ කළේ ඒවා වලාච්චේන කුඩුම්බිමලෙයි ප්‍රදේශයේ වළ දමා තිබිය දී කිසියම් පුද්ගලයෙක් විසින් ගොඩ ගෙන එම ප්‍රදේශයේම සඟවා තිබිය දී සොයා ගත් බවය.
එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත්ව තිබූ සුන්දර බේස් කඳවුරු භූමියේ ආරක්ෂිතව වළ දමා තිබී එම ආයුධ සෙයා ගත් බව ආරක්ෂක අංශ වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ස්වීඩනයේ නිශ්පාදිත මිලි මීටර 84 RCLM-2 වර්ගයේ මෙම රොකට් ලෝන්චර් සොයා ගැනීම සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට භාර දී තිබේ.
මේ ලිපියත් කියවන්න…
වාලච්චේන කුඩුම්බිමලේ ප්‍රදේශයෙන් ස්විඩනයේ නිශ්පාදිත භාවිතයට ගත හැකි රොකට් විදින 03ක් සොයා ගනී!







