ව්‍යවස්ථාදායක සභාව අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. එම රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත මෙම රැස්වීමේදී ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට අදාළ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන ලෙස රජය නිවේදනය කළ අතර මෙම නිවේදනයට අනුව ඉල්ලුම් පත් 1500කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති බව සදහන් වේ.
මෙම ඉල්ලුම් පත් අතරින් සුදුසු සාමාජිකයන් තෝරා ගැනීම පිළිබඳව අද රැස්වීමේදී මූලික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව එ අනුව සඳහන් වේ.
නව පොලිස්පතිවරයකු පත් කිරීමද අද පැවත්වෙන ව්‍යවස්ථාදායක සභාව මඟින් සිදු කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටියද මෙතෙක් ඒ සඳහා නිර්දේශිත නාම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත යොමු කර නැති බව අනාවරණය වේ.
පසුගියදා ජනාධිපතිවරයා බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දෙශබන්දු තෙන්නකෝන්ගේ නම ඒ සඳහා නිර්දේශ කර තිබූ බව කියවුණද මෙතෙක් එවැන්නක් සිදුව නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.