දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් මෙතෙක් ලබා නොදීම පිළිබඳව ගත යුතු පියවර සාකච්ඡා කිරීමට වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (24) දහවල් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලදාරී සංගමය පවසයි.
මෙම සාකචඡාව මාර්තු මස 23 වැනිදා හෝ ඊට පෙර ලබා දෙන බවට රජය් පාර්ශ්වයෙන් පොරොන්දු වුවද ජනාධිපතිවරයා සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව මෙතෙක් ලැබී නැති බව එම සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
අද පැවත්වෙන සාකච්ඡාවෙන් පසුව ඉදිරියේදී ගනනා ක්‍රියාමාර්ග පිළිබඳව තීරණව වනු ඇතැයිද ඔහු පවසා සිටියේය