ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් විස්තීර්ණ ණය පහසුකමට අදාළ එකඟතාවන්ට අනුව ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කිරීමට සැලසුම් කර ඇති රාජ්‍ය ව්‍යවසාය 14ක් අතුරින් නවයක රජය සතු කොටස් විකිණීමට අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගැනෙමින් පවතින බව රජයේ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.
පසුගිය මාර්තු 13වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම ආයතන නවයේ කොටස් රජය සතු කොටස් අත් හැරීමට අදාල ප්‍රතිපත්තිමය තීන්දුවට අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව මුල් අදිරයරේදී ශ්‍රි ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රි ලංකන් කේටරින් , ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, ග්‍රෑන්ඩ් හයට් රෙසිඩන්සීස්, හිල්ටන් හෝටලය (හොටෙල් ඩිවලොපර්ස්) ලිට්රෝ ගෑස් ටර්මිනල්ස්, ලිට්රෝ ගෑස් ලංකා සමාගම, සහ ලංකා හොස්පිට්ල්ස් සමාගම යන සමාගම් වල රජය සතු කොටස් විකිනීමට කටයතු කරන බවත් එම කටයුතු ජනාධිපතිවරයාගේ යටතේ පවතින මුදල් අමාත්‍ය මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් පිහිටුවා ඇති විශේෂ ඒකකයක් මඟින් සිදු කරන බවත් රජයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (SRU) විසින් බෙදා හැරීමේ වැඩසටහන විනිවිදභාවයෙන් සහ විශ්වසනීය ලෙස සිදු කරනු ලබන අතර ආයෝජකයින් තෝරා ගැනීම සඳහා ආයෝජකයන් කැඳවීමේ ක්‍රියාවලියකින් ආරම්භ කිරීමට නියමිතය.
අදාළ කොටස් බෙදා හැරීම් සඳහා ගනුදෙනු උපදේශන සේවා සමාගම් සහ හෝ සංවර්ධන මූල්‍ය ආයතන සම්බන්ද කර ගැනීමට මෙ අනුව සැලසුම කර ඇති බවත් එවැනි ගනුදෙනු උපදේශකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.