වහාම ක්‍රියාත්මකවන පරිදි ජනාධිපති, අගමැති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ ධූර වෙනස් කර තිබේ.
ඒ අනුව ජනාධිපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්.ජමල්ඩීන් ද අගමැති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලියු.එස්.පි ද සිල්වා ද, පත් කර තිබේ. ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.ටී ජයලත් ඇමති ආරක්ෂක කොට්ඨාසයට මාරු කර යවා අත..
ජනාධිපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්.ජමල්ඩීන් ඉන් පෙර අගමැති ආරක්ෂක කොට්ඨාසය භාරව කටයුතු කළේය.
අගමැති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලියු.එස්.පි ද සිල්වා කලින් නාවික කොට්ඨාස අධ්‍යක්ෂ තනතුරේ වගකීම දැරීය.
ඇමති ආරක්ෂක කොට්ඨාස ට මාරු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.ටී ජයලත් පසුගිය ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටි ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාය.
අද දින තුළ වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ස්ථාන මාරු කර තිබේ.