සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වහවන වග දැන දැන   මිනිසුන්ට වහ දුන් ඖෂධ මාෆියාවේ තිරිසන් ඇත්ත…

ඖෂධය භාවිතා කිරිමෙන් විවිධ සංකුලතා ඇතිවන බව වාර්තා වි තිබියදිත් ඖෂධය ගෙන්විමට අවසරදිලා.

by editor
පෙබරවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

  • බාල ඖෂධ ගෙන්වා රජයට රුපියල් මිලියන 91 ඉක්මවු අලාභයක් සිදුකරලා.

  • ඇණවුම් කොන්දේසි සැලකිල්ලට ගෙන නැහැ

  • සැපයුම්කරුගේ විරෝධය හමුවේ අවලංගුකිරිමේ තිරණය ඉවත්කරගෙන.

  • ඖෂධ තොගය කල්ඉකුත් විමට පෙර තත්වයෙන් අසමත් කළ බව දැක්වෙන චක්‍රලේඛය නිකුත් කිරිම හිතාමතා පැහැර හැරලා.

  • මිලියන 60.4ක් සැපයුම්කරු විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ගෙවීම පැහැර හැරලා.

ගැබ් ගැනීම් වළක්වන  ඖෂධයක් ලෙස නිරෝගී කාන්තාවන්ට  ලබාදෙන Depogestin 1  ඖෂධය  තත්වයෙන් අසමත්වීම හා කල් ඉකුත්වීම හේතුවෙන් රජයට රුපියල්  මිලියන 91ක් ඉක්මවා පාඩුවක් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

පුස්තකාල ඡයාරූපයකි…

මෙම ඖෂධ තොගය පුද්ගලික සැපයුම්කරුවකු විසින් මෙරටට ගෙන්වා තිබුණි. Depot Medroxyprogesterone Acetate  නැමති මෙම ඖෂධයෙන්  ඒකක 1,200,000ක් මිලදී ගැනීමට   2011 මාර්තු මස 30වන දින  වෛද්‍ය සැපයුම් අංශය විසින්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත  ගැනුම් අධියාචනාවක්  නිකුත්කර තිබුණි. මිට පෙර අවස්ථාවකදී  වෙනත් සැපයුම්කරුවකු විසින් සපයන ලද මෙම ඖෂධය භාවිතා කිරිමෙන්  පුද්ගල මරණ හා විවිධ සංකුලතා ඇති වී තිබු බව තාක්ෂණික ඇගයිම් කමිටුවේ සාමාජිකයකු විසින්  තාක්ෂණික ඇගයිම් කමිටුවේ සභාපතිවරයා දැනුවත් කොට තිබුණි.  එහෙත් ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණික  ඇගයිම් කමිටුව විසින්  අනුමත කරන ලද  තාක්ෂණික පිරිවිතර තුළ ඇතුළත්ව තිබු ඇනවුම් කොන්දේසි   සැලකිල්ලට නොගෙන  අවම ලංසුව ඉදිරිපත්කොට තිබු ලංසුකරුට  ඇනවුම ප්‍රදානය කොට තිබු බව විගණන වාර්තාවේ දැක්වේ. මුළු වටිනාකම රුපියල් මිලියන 87.03ක් වු  ඇණවුම් ප්‍රදානය කිරීම සඳහා 2011 වර්ෂයේ නොවැම්බර් මස 21 වැනිදින රැස්වු  අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව විසින්  අනුමැතිය ලබා දි තිබුණි.

මෙම ඖෂධයේ පළමු ඒකක 600000 ක තොගය 2012 මාර්තු මස 13 වැනිදින වරායෙන් නිදහස්කොට තිබුණි. තොගය බෙදා හැරිමෙන් පසු පළමු සතිය තුළදීම  මෙම ඖෂධය භාවිතා කිරිම නිසා දැඩි අසංරක්ෂිත ප්‍රතික්‍රියා සිදුවු බව  වාර්තා වී තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා මෙම නිෂ්පාදන කාණ්ඩය භාවිතයෙන්  ඉවත් කිරීමටත් ඉතිරි 60,0000 ලක්ෂයේ තොගයේ ප්‍රසම්පාදනය නැවැත්විමටත් ජාත්‍යන්තර්ව පිළිගත් නිෂ්පාදනයක් ලබාදෙන ලෙසත්  එවකට පවුල් සෞඛ්‍ය කාර්යංශයේ  මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විසින්  සෞඛ්‍ය ලේකම්වෙත නිර්දේශ කර තිබුණි.

2012 වර්ෂයේ  දෙසැම්බර් මස 12වැනි දින රැස්වු  තාක්ෂණික ඇගයිම් කමිටුව විසින්  යහපත් නිෂ්පාදන පරිචයන් පිළිබඳ  වාර්තාව මත  තාක්ෂණික උපදේශක කමිටුවේ තීරණය ලබාගැනිමට  නිර්දේශ කරතිබුණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහෙත් ඒ අනුව කටයුතු නොකර 2013 වර්ෂයේ  අප්‍රේල් මස 02 වැනි දින රැස්වු ප්‍රසම්පාදන  කමිටුව මගින්  සියලු කරුණු  සලකා බැලු බවට සඳහන් කරමින් ඇණවුමේ ඉතිරි ඒකක හය ලක්ෂය ගෙන්වීම අවලංගු කිරිමේ  තිරණය  සැපයුම්කරුගේ විරෝධය  හමුවේ  ඉවත්කරගෙන ඇති බව විගණන වාර්තාවේ දැක්වේ. එම සැපයුම්කරුටම ඉතිරි ඒකක  ලක්ෂ 06ක ඇණවුම  ප්‍රදානය කිරීමට  තීරණය කර තිබුණි.

රෝගී ජීවිත අවදානමට ලක් කරමින්  ඖෂධ ප්‍රසම්පාදනයේ මුලික අරමුණ වු  නිරෝගී කාන්තාවන් සඳහා ලබාදෙන  මෙම ඖෂධයේ ගුණාත්මක භාවය , ආරක්ෂාව සහ  ප්‍රත්‍යක්ෂ බව තාක්ෂණික ඇගයිමේ දී සැලකිල්ලට නොගෙන තිබු බවද විගණනයේ දි අනාවරණය විය.

එසේ සැලකිල්ලට නොගෙන  මෙම ඖෂධය නැවත පණ ගැන්වීමේ පහසුකම් සහිත රෝහල් වෙත  නිකුත් කිරීමටත් සමීප අධික්ෂණයක් පවත්වා ගැනීමටත්  අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව විසින් 2013 අප්‍රේල් මස 02 වැනි දින අනුමැතිය ලබා දී තිබුණි. දෙවනුව ඇණවුම් කළ ඒකක ලක්ෂ 06ක තොගය 2013 අගෝස්තු 05 වැනි දින  පවුල් සෞඛ්‍ය කාර්යංශයට ලැබී තිබුණි.

කෙසේ වුවද මෙම  ඖෂධයේ පැවති ව්‍යාකූල තත්වය නිසා  මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට දැනුම් දි තිබුණි. මෙම ඖෂධය සම්බන්ධ යහපත් නිෂ්පාදන පරිචයන් පිළිබඳ  නිරික්ෂණ වාර්තාවෙන් ද, පවුල් සෞඛ්‍ය ජාතික කමිටුවේ 16 වැනි රැස්විමේ දී ද, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  තුන්වන ආරක්ෂිත හා අවදානම්  ඇගයීම් උපකමිටු රැස්විමෙන්ද ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට දැනුම් දි තිබුණි. එමෙන්ම  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 25 වැනි ඖෂධ ඇගයිම් කමිටු රැස්වීමේ දී ද, මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට දැනුම් දි තිබුණි.

ඒ කොයිහැටි වුවද  අදාළ වගකිවයුතු නිලධාරින් විසින්  මෙම  ඖෂධ තොගය කල් ඉකුත් වීමට පෙර  තත්වයෙන් අසමත් කළ බව දැක්වෙන චක්‍රලේඛය නිකුත් කිරීම හිතා මතා හෝ නොසැලකිලිමත් ලෙස පැහැර හැර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 2018 වර්ෂයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය තුළදීම බෙදා නොහැර මෙම තොගය කල් ඉකුත්වීමෙන්  මාස 14 ක කාල ප්‍රමාදයකින් යුතුව  වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂක විසින් 2019 ජුනි 17 වැනි දිනැති  චක්‍රලේඛය නිකුත් කරමින්  මුළු නිෂ්පාදනයම භාවිතයෙන් ඉවත්කොට තිබුණි. මේ හේතුවෙන්  සැපයුම්කරුගෙන් අදාළ පාඩුව  අයකිරිමේ හැකියාව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අහිමි වි තිබු බවද විගණන වාර්තාවේ සදහන්වේ.

මෙම ඇණවුමට හා මීට පෙර  ඇණවුමකට අදාළව  තත්වයෙන් අසමත්වීම මත  භාවිතයෙන් ඉවත් කරණ ලද ඒකක 1,131,800 වෙනුවෙන් වු අලාභය රුපියල් මිලියන 96.4 කි. එම අලාභය වෛද්‍ය සැපයුම් අංශය විසින්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අයකර තිබුණද  ඉන් රුපියල් මිලියන 60.4ක් සැපයුම්කරු විසින් රාජ්‍ය ඖෂධ නිතීගත සංස්ථාවට  ගෙවීම පැහැරහැර තිබුණි. මේ හේතුවෙන් අදාල සැපයුම්කරු සමග ගණුදෙණු කිරිම අත්හිටුවිමට 2016  ඔක්තෝබර් 17 වැනි දින  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් කටයුතු කර තිබිණි. එහෙත් එම මුදල 2020 සැප්තැම්බර් මස 01 වැනි දින වන විටත්  අයකරගෙන නොතිබුණු බව විගණන වාර්තාවේ සඳහන් වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත වෙන තැනකින් විද ගනී

Next Post

ව්‍යාජ ලේඛන සකසා ගෙන්වූ ටයිල් තොගයක් වහාම රේගු භාරයට ගන්නා ලෙස ඇමති විමල්ගෙන් උපදෙස්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.