අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (18) පවත්වන ලද උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගැනුණු එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු අප්‍රියෙල් මස 09 වැනිදා සිට මේ දක්වා වූ අරගලයට සම්බන්ධ සිදුවීම්වලට අදාළ විමර්ශණ කටයුතු සඳහා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව කියවෙන්නේ ඒ අනුව වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හෂාන්ත භවන්තු ගුණතිලක යන සැකකරුවන් තිදෙනා පොලිසිය මඟින් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත යොමු කිරීම නියමිත අතර ඔවුන් රඳවා ගැනීම සඳහා අධිකරණ අවසරය ලබා ගැනීමට නියමිත බවයි.
අයුතු ජන රාශියක සාමාජිකයන් වීම හේතුවෙන් ඊයේ (18) එම විරෝධතා පෙළපාලිය අතරතුර කුරුදුවත්ත, බොරැල්ල සහ කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථාන මඟින් සැකකරුවන්19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් අතර භික්ෂූන් වහන්සේලා සිව් දෙනකු සිටින බව පොලිසිය සඳහන් කරයි. රැඳවුම් නියෝග ලබා ගැනීමඩ සැරසෙන්නේ ඔවුන් අතරින් තිදෙනකුප්රශ්න කිරීම සඳහාය.