දිනසේන රතුගමගේ
මුලතිව් මුල්ලිවයික්කාල් කල්ලිකාඩු ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරියේ ඝාතනය කළ දළ ඇතාගේ බවට සැක කරන ගජමුතු හතරක් මුලතිව් කැලයේ සිට කොළඹට රැගෙන යමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකකරුවන් තුන් දෙනෙකු සමග අත් අඩංගුවට ගෙන ඊයේ (09) වවුනියාව පොලීසිය වෙත බාර දී තිබිණි.
සැකකරුවන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු ගජමුතු මුලතිව් ප්‍රදේශයෙන් මිලට ගෙන කොළඹට ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු වන අතර අනෙක් තැනැත්තා වාහනයේ රියදුරු වෙයි.
අත් අඩංගුවට පත් තුන්දෙනාගෙන් දෙදෙනෙකු මහව ප්‍රදේශයේ වන අතර අනෙක් තැනැත්තා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය..
මේ පිරිස මිලට ගන්නා ලද්දේ මෑතකදී මුලතිව් වැවක් අසලදී වෙඩි තබා ඝාතනය කරන ලද දළ ඇතාගේ ගජමුතු බව විශ්වාස කරණ වවුනියාව පොලීසිය මුලතිව් පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
සැකකරුවන් තුන් දෙනා වවුනියාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට වවුනියාව පොලීසිය පියවර ගෙන තිබේ.
කියවන්න…