දිනසේන රතුගමගේ –
වවුනියාව මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය මාසයක් තිස්සේ ක්‍රියා විරහිත වීම නිසා වෛද්‍යවරුන් හා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.
මීට පෙර එම යන්ත්‍රය ක්‍රියා විරහිත වූ අවස්ථාවේදී කොළඹ සිට පැමිණි කාර්මික නිලධාරීන් පිරිසක් එය අලුත්වැඩියා කොට රෝහල වෙත බාර දෙන ලද නමුත් එය යළි දින කීපයකින ක්‍රියාවිරහිත වී තිබේ.
වවුනියාව රෝහල මහ රෝහලක් වූවත් ඒ සඳහා ඇත්තේ එකම එක සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් නිසාත් එම යන්ත්‍රයෙන් පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා රෝගීන් විශාල පිරිසක් සිටීම නිසාත් සී.ටී. ස්කෑන් යන්ත්‍රය ඉතා ඉක්මනින්ම ක්‍රියා විරහිත වන බව රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රකාශ කරයි.
මේ දිනවල එම පරීක්ෂණ සිදු කළ යුතු රෝගීන්ව අනුරාධපුරය හෝ යාපනය රෝහවලට යැවීමට සිදුව ඇතත් එම රෝහල්වලද එම පරීක්ෂණ සඳහ දැඩි තදබදයක් ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වය තුළ රෝගීන්ට පරීක්ෂණ සදහා වෙනත් දිනයන් ලබා ගෙන හිස් අතින් ආපසු ඒමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
වවුනියාව මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය යළි අලුත් වැඩියා කරදෙන ලෙස රෝහල් පාලන අධිකාරිය වගකිවයුතු අංශ වලින් ඉල්ලා ඇතත් මේ දක්වාම ඊට පැහැදිලි ප්‍රතිචාරයක් ලැබී නොමැත.







