දිනසේන රතුගමගේ –
වවුනියාව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු තමන් විසින් පුද්ගලික ඉංග්‍රීසි පන්තියක් පවත්වාගෙන යන නිවසක නානකාමරයේ දිය නාමින් සිටි තරුණියකගේ නිරුවත් දර්ශන ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන්ට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඒම විශ්වවිද්‍යාලයේ පරිපාලන ආරංචි මාර්ග කියයි.
විශ්වවිද්‍යාල බලධාරීන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් යම් සාධකයක් වේ නම් පොලීසියට පැමිණිල්ලක් කොට තරුණියට සාධාරණයක් ඉටු කිරීමට පියවර ගන්නා බවය.
වවුනියාවේ තිරුවණාව්කුලම ප්‍රදේශයේ විශ්වවිද්‍යාල සිසුවියන් පිරිසක් හා රජයේ සේවිකාවන් පිරිසක් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයක අදාල කථිකචාර්යවරයා ඉංග්‍රීසි පන්තියක් පවත්වා ගෙන ගොස් තිබේ.
සිද්ධිය වූ දින පන්තිය පවත්වමින් සිටියදී රාජ්‍ය සේවිකාවක වූ තරුණියක් දිය නෑම සදහා නාන කාමරයට ගිය පසුව කථිකාචාර්යවරයා පන්තිය නවතා එම ස්ථනයට ගොස් නාන කාමරයේ කවුලුවකින් දිය නාමින් සිටි තරුණියගේ නිරුවත වීඩියෝ කොට ඇත.
දිය නාමින් සිටි කාන්තාව නාන කමරයේ කවුලුවකින් ජංගම දුරකතනයක් තිබෙනු දැක බිය වී කෑ ගසා ගෙන එලියට පැමිණ තිබේ.
පසුව ඉංග්‍රිසි කථිකාචාර්යවරයා එම ස්ථනයෙන් ඉවත්ව ගොස් ඇත.
නිවසේ සවි කොට තිබූ සී.සී.ටීවී කැමරා පරීක්ෂා කිරීමේදී අදාල කථිකාචාර්යවරයා විසින් නාන කාමරය අසලට වී වීඩියෝ කරණ දර්ශන දැක ගැනීමට හැකි වී තිබේ.







