මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු අලෙවි කරන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය වර්ෂ 2021 ජූලි මාසයේ දී ලංකා සතොසට දන්වා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන චෝදනා කරයි.
වරාය අධිකාරිය විසින් තහනම් කරන ලද ටින් මාළු අලෙවි කරන ලෙස වර්ෂ 2021 ජූලි මාසයේදී රජයට අයත් සතොස අලෙවිසැල් වෙත යවන ලද ඊමේල් පණිවඩයක් ඉදිරිපත් කරමින් තුෂාන් ගුණවර්ධන සිය ට්විටර් ගිනුමෙන් හෙළි කරන්නේ “වරාය අධිකාරිය විසින් තහනම් කරන ලද ටින් මාළු තොගය ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා විකිණීමට කැබිනට් තීරණයක් ගෙන තිබුණු බවය.
“සතොස සන්නාමය සමඟ සුදු ලේබල් අලවා පරිභෝජනයට නුසුදුසු ටින් මාළු අලෙවි කළා. එම අවස්ථාවේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම විකිණීම නැවැත්වීමට මැදිහත් වූ නමුත් වෙළඳ අමාත්‍යාංශයට තමන්ගේ ක්‍රියාව ඉදිරියට යාමට අවශ්‍ය වුනා. මේක රාජ්‍ය අනුග්‍රහයෙන් කරන මිනීමැරුමක්. සතොස ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනවලින් පිරී ඇත.” ඔහු ට්වීට් කළේය.
How Sathosa sold can fish UNFIT for consumption by white labeling with Sathosa Brand. At the time CAA intervened to stop the sale but trade ministry wanted to go ahead with it. This is state sponsored murder👇sathosa is littered with substandard products. pic.twitter.com/1fFeSQrk3I
— Thushan Gunawardena (@ThushanGunawar) April 29, 2023