කීර්ති ප්‍රනාන්දු –
වරකපොල තුඹ ලියද්ද ප්‍රදේශයේදී දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එයට යට වී සිටි මව සහ පුතා අතරින් මවගේ මළ සිරුර අද (15 ) අලුයම සොයාගෙන තිබේ .
මියගොස් ඇත්තේ 47 වියැති පුෂ්පරාණි නැමැති දෙදරු මවක් වන අතර මෙම මව සමග එම පස් කන්දට යට වී සිටින 24 හැවිරිදි ධනුෂ්ක දිනූෂාන් නමැති පුතාගේ සිරුර සොයා යුද හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව නොනවත්වාම මෙහෙයුම් සිදු කරමින් සිටී .
ඊයේ 14 සවස මෙම නිවස මතට පස් කන්ද කඩා වැටීමෙන් එම නිවසේ සිටි මව පියා සහ පුතා එයට යට වී තිබූ අතර 52 හැවිරිදි ප්‍රේමසිරි නැමැති පියාව යුද හමුදාව හා ප්‍රදේශවාසීන් විසින් එම මොහොතේම මුදවාගෙන වරකාපොල රෝහලට ඇතුළත් කළේය.
එම මොහොතේ සිට මව සහ පුතා සොයා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබිණ.
රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටින පියාගේ තත්වය යහපත් බව ද රෝහල් ප්‍රකාශකයකු පැවසීය .
කියවන්න….
වරකාපොල දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ…. මව දරුවෙක් අතුරුදහන්…