ශිරෝමි රත්නායක –
වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට කිසිම ආකාරයක විද්‍යුත් තිර සමග කාලය ගත කිරිමට නොදිය යුතුබවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බව ළමා හා යොවුන් මනස පිළිබදව විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි කියයි.
වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ සී. බී. එම් ආයතනය විසින් පදනම් ආයතනයේ පසුගිය දිනක සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
“අවුරුදු දෙකට අඩු දරුවන් ස්ක්‍රීන්වල කාලය ගතකිරීමෙන් එම දරුවන්ගේ බුද්ධිමය කුසලතා සංවර්ධනයේදී ලොකු ඍණාත්මක බලපෑමක් ඇතිවෙනවා. මේ බලපෑමේ ප්‍රතිඵලය දක්නට ලැබෙන්නේ එම දරුවන්ට අවුරුදු දහය දොළහක් වුනාමයි.”
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව වයස අවුරුදු දෙකත් පහත් අතර දරුවන්ට විද්‍යුත් තිර භාවිතා කිරීමට ලබාදිය යුතුවන්නේ පැය භාගයත් පැයක් අතර කාලයකය පමණි. එයද වැඩිහිටියකුගේ සුපරික්ෂාව යටතේය.
වයස අවුරුදු පහෙන් වැඩි දරුවන් සදහා අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිරව තිර සමග කාලය ගතකීරීම පැය භාගයත් පැයක් අතර කාලයකට සීමා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. එයද වැඩිහිටියකුගේ සුපරික්ෂාව යටතේය.
සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී වැඩිම බලපෑමකට ලක්ව සිටින්නේ නව යොවුන් වියේ වයස අවුරුදු දාහතරත් දාසයත් අතර වයස් කාණ්ඩයේ දරුවන් බවත් වෛද්‍යවරිය පැවසුවාය.
“නව යොවුන් විය කියන්නේ වයස අවුරුදු දහයත් දහනමයත් අතර කාලය. මේ කාලේ දරුවන් වැඩිපුර ගනුදෙනු කරන්නේ හැගීම් සමග. මේ කාලෙදී ගොඩක් තීරණ ගන්නේ සම වයස් දරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත. මේ කාලයේදී සමාජ මාධ්‍ය භාවිතයේදී දරුවන් විවිධාකාර ලෙස අනාරක්ෂිත වෙන්න පුලුවන්. සීමාවට වඩා මේවා භාවිතයෙන් විශාදය, කාන්සාව , සයිබර් අවකාශයේ හිරිහැරයට මේ දරුවෝ ලක්වෙනවා . සමාජ කුසලතා දියුණු වෙන්නේ නැහැ. සමාජ සබඳතා දුර්වල වෙනවා. ගොඩනගාගෙන තිබෙන කෘතිම සබඳතා හේතුවෙන් මේ දරුවන්ගේ පෞර්ෂයය වර්ධනය සිදු වෙන්නේ නැහැ. ඒවාගේම නම යොවුන් වියේදී කලහාකාරි විඩියෝ ක්‍රීඩා වගේ දේවල් වලට ඇබ්බැහි වුනොත් වැඩිහිටියන් වුනාම මේ පිරිස කලහකාරී ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ.”
ෙසමාජ මාධ්‍ය සමග කෘතිම සමාජ සම්බන්ධතා ගොඩනගාගෙන ජීවත්වන දරුවන් ඉන් මුදා ගැනීමෙන් පසුව යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට එම දරුවන්ට වැඩිහියන් උදව් කළ යුතුබවත් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසීය.