අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වයස අවුරුදු 02ට අඩු දරුවන්ට කිසිම ආකාරයක විද්‍යුත් තිර  සමග කාලය ගත කිරිමට නොදිය යුතුයි… WHO කියයි!

by editor
මැයි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශිරෝමි රත්නායක –

වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට කිසිම ආකාරයක විද්‍යුත් තිර  සමග කාලය ගත කිරිමට නොදිය යුතුබවට ලෝක සෞඛ්‍ය සංවිධානය  ප්‍රකාශ කර ඇති බව ළමා හා යොවුන් මනස පිළිබදව විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි කියයි.

විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි

වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ සී. බී. එම් ආයතනය විසින් පදනම් ආයතනයේ පසුගිය දිනක සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“අවුරුදු දෙකට අඩු දරුවන් ස්ක්‍රීන්වල කාලය ගතකිරීමෙන් එම දරුවන්ගේ  බුද්ධිමය කුසලතා සංවර්ධනයේදී ලොකු ඍණාත්මක බලපෑමක්  ඇතිවෙනවා. මේ  බලපෑමේ ප්‍රතිඵලය දක්නට ලැබෙන්නේ එම දරුවන්ට අවුරුදු දහය දොළහක් වුනාමයි.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව වයස අවුරුදු දෙකත් පහත් අතර දරුවන්ට විද්‍යුත් තිර භාවිතා කිරීමට ලබාදිය යුතුවන්නේ පැය භාගයත් පැයක් අතර කාලයකය පමණි. එයද වැඩිහිටියකුගේ සුපරික්ෂාව යටතේය.

වයස අවුරුදු පහෙන් වැඩි දරුවන් සදහා අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිරව තිර සමග කාලය ගතකීරීම පැය භාගයත් පැයක් අතර කාලයකට සීමා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. එයද වැඩිහිටියකුගේ සුපරික්ෂාව යටතේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී වැඩිම බලපෑමකට ලක්ව සිටින්නේ නව යොවුන් වියේ වයස අවුරුදු දාහතරත් දාසයත් අතර වයස් කාණ්ඩයේ දරුවන් බවත් වෛද්‍යවරිය  පැවසුවාය.

“නව යොවුන් විය කියන්නේ වයස අවුරුදු දහයත් දහනමයත් අතර කාලය. මේ කාලේ දරුවන් වැඩිපුර ගනුදෙනු කරන්නේ හැගීම් සමග. මේ කාලෙදී  ගොඩක් තීරණ ගන්නේ සම වයස් දරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත. මේ කාලයේදී සමාජ මාධ්‍ය භාවිතයේදී දරුවන් විවිධාකාර ලෙස අනාරක්ෂිත වෙන්න පුලුවන්. සීමාවට වඩා මේවා භාවිතයෙන් විශාදය, කාන්සාව , සයිබර් අවකාශයේ හිරිහැරයට මේ දරුවෝ ලක්වෙනවා . සමාජ කුසලතා දියුණු වෙන්නේ නැහැ. සමාජ සබඳතා දුර්වල වෙනවා. ගොඩනගාගෙන තිබෙන කෘතිම සබඳතා හේතුවෙන් මේ දරුවන්ගේ පෞර්ෂයය වර්ධනය සිදු වෙන්නේ නැහැ. ඒවාගේම නම යොවුන් වියේදී  කලහාකාරි  විඩියෝ  ක්‍රීඩා වගේ දේවල් වලට ඇබ්බැහි වුනොත්  වැඩිහිටියන් වුනාම මේ පිරිස කලහකාරී ලක්ෂණ   තමයි   පෙන්නුම් කරන්නේ.”

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ෙසමාජ මාධ්‍ය  සමග කෘතිම සමාජ සම්බන්ධතා ගොඩනගාගෙන ජීවත්වන දරුවන් ඉන් මුදා ගැනීමෙන් පසුව යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට එම දරුවන්ට වැඩිහියන් උදව් කළ යුතුබවත් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොඩගත් ෂාෆ්ටර් දේහය කරාපිටිය වෛද්‍ය පීඨයට !

Next Post

අවුරුදු 10ක් තිස්සේ දේශපාලකයින් මගහැරිය අබලන් පාරක් ගම්මු ශ්‍රමදානයෙන් පිළිසකර කර ගනිති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.