අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 10ක් තිස්සේ දේශපාලකයින් මගහැරිය අබලන් පාරක් ගම්මු ශ්‍රමදානයෙන් පිළිසකර කර ගනිති…

දැන් වැඩේ අපි පටන් ගත්තා... ඡන්දෙට කලින් පාර කාපට් කරලා දුන්නේ නැතිනම මේ ගම්මාන දේශපාලකයින්ට තහනම් කලාප වේවි.... ගම්මු දන්වති.

by editor
මැයි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

වසර දහයකට අධික කාලයක සිට තම ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන් තමන්,   මුහුණදෙන දුෂ්කරතාවය පිළිබඳ පැවති රජයන්ට සහ ප්‍රදේශයේ පක්ෂ, විපක්ෂ, දේශපාලනඥයන්ට ලිඛිතව හා වාචිකව දැනුම් දුන්නද එම මාර්ගය මෙතෙක් පිළිසකර නොකිරීම නිසා ප්‍රදේශවාසී තරුණයන්, සහ ගම්මුන් එක්ව, දිඹුලාගල ඈත කෙළවරේ පිහිටි මල්දෙනිය සහ කැකුළුවෙල ගම්මානයේ සිට පොළොන්නරු දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ අබලන් වූ කිලෝමීටර් දෙක බොරලු පස්දමා, ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරගැනීමට අද( 25 )   පියවර ගත්හ.

මල්දෙණිය, කැකුළුවෙල, කනිච්චියාගල, උල්පත්වැව, සිට පොලොන්නරුව සහ දෙහිඅත්තකණ්ඩිය දක්වා දිවෙන මෙම ප්‍රධාන  මාර්ගයේ මල්දෙණිය, කැකුළුවෙල කිලෝමීටර් දෙකක් පමණ දුරට මාර්ගය විශාල වල්වල් හෑරී පා ගමනත් අසීරුවන    මට්ටමක පැවතිනි.

මේ පිළිබඳ කොතෙක් බලධාරීන් දැනුවත් කළද ඊට විසඳුමක් නොමැති වීමෙන් වසර දහයක් තිස්සේ තම ගම්මනවල පවුල් 800ක පමණ පාසල් දරුවන්, ගම්වාසින්, ගොවීන්, දැඩි ප්‍රවාහන දුෂ්කරතාවලට මුහුණ දුන් බව  ගම්මු කිහ.

මෙම තත්ත්වයට විසඳුම් නොමැති නිසා තම ගම්මානයේ තරුණයන් මෙන්ම ජනතාව එක්ව මාර්ගය පිළිසකර ගැනීමට පියවර ගත් බව මල්දෙනිය  ක්‍රීඩා සමාජයේ සභාපති ගැමුණු ප්‍රභාත් මුතුකුමාරණ  කීවේය,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මෙම මාර්ගයේ කාපට් යොදා අතුරා ඇත්තේ කනිච්චියාගල දක්වා පමණයි.    එතැන් සිට මල්දෙණිය දක්වා කිලෝමීටර් දෙකක් දුරට මාර්ගය දැඩි ලෙස අබලන් වෙලා තිබුණේ. මේ නිසා සා මාර්ගයේ ගමන් කෙරුවෙ පෞද්ගලික බස් රථයක් සහ පොලොන්නරුව ඩිපෝවට අයත් බස් රථයක් පමණයි. “ කැකුළුවෙල, ගම්වාසිහු ලංකාසරට කිහ.

“වසර දහයක් තිස්සේ ගම්මානයට එන,යන සෑම දේශපාලනඥයෙකුම මෙම මාර්ගය හදලා දෙන එක මැතිවරණ පොරොන්දුවක් බවට පත්කර  ගත්තා.   වත්මන් ආණ්ඩුවේ ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා පොළොන්නරුවේ ඉන්නෙ.  මේ පිළිබඳ  ලිඛිතව හා වාචිකව ඔහුට දැනුම් දුන්නා.  ඊට විසඳුමක් නෑ…  ඒ නිසා  ගම්මානයෙ බාල, තරුණ, මහලු,  පුද්ගලයන් 150 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව කිලෝමීටර් එකක් දුරට මාර්ගයට බොරලු පස් යොදා තාවකාලිකව පිරිලිසකර කර ගත්තා. “,

ශ්‍රමදාන කටයුත්තට  බොරලු පස් ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් සඳහා ඩීසල් ලබාගැනීමට දානපතීන් සහ පරිත්‍යාග  ශීලින්, ඇඟලුම් සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක රියදුරු මහතෙකු අනුග්‍රහ දක්වා තිබේ.   ගම්මානය කිහිපදෙනෙකු තේපැන් සහ දිවා ආහාර ලබා දීමට කටයුතු කර ඇත.

“අපි වැඩේ පටන් ගත්තා. දැන් තියෙන්නේ දේශපාලඥයින්ගේ කොටස   තාවකාලිකව පිරළිසකර කරගත් මෙම මාර්ගයේ කිලෝමීටර් දෙකේ කොටස  මැතිවරණයකට පෙර කාපට් කරලා පිළිසකර කරලා දෙන්නවත්මන් ආණ්ඩුවේ පොළොන්නරුවේ දේශපාලඥයන්ට ආරාධනා කරනවා.  එලෙස නොකළහොත් මල්දෙණිය, කැකුළුවෙල ගම්මාන දෙක ඔය දේශපාලඥයින්ට තහනම් කලාපයක් වෙන බවත් ඔවුන්ට අපි දැනුම් දෙනවා….” ගම්මු අපට කීහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වයස අවුරුදු 02ට අඩු දරුවන්ට කිසිම ආකාරයක විද්‍යුත් තිර  සමග කාලය ගත කිරිමට නොදිය යුතුයි… WHO කියයි!

Next Post

 පුරාණ ගැමි ජන සම්ප්‍රදාය සිහි කරමින් ක්වේට් රටේ සිංහල අලුත් අවුරුදු උත්සව දෙකක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.