සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

වයසක ඇත්තන් තිරිහන් කරන තක්කාලි – ලූනු රජ මුසුව…

by editor
දෙසැම්බර් 31, 2022
in ජීවිතය, පුවත්
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා ,
මහජන සෞඛ්ය පරීක්ෂක, – දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව.

ලයිකොපීන් (Lycopene) කියල කියන්නේ තක්කාලි, කොමඩු, රතුපේර, ගස් ලබු සහ රෝස පැහැති ජමිබෝල (මහ සිදරන්) වැනි රතු පාටට , රෝස පාටට හුරු එළවළු සහ පලතුරුවල දක්නට ලැබෙන ස්වභාවික කැරටිනොයිඩ වර්ණකයකට. එය බොහොම බලගතු ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් කියලයි සැලකෙන්නේ.

Lycopene හි ප්රධාන සෞඛ්ය ප්‍රතිලාභය වන්නේ එහි ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වයයි.

Lycopene

ප්‍රතිඔක්සිකාරක කියල කියන්නේ, අපගේ ශරීරයේ නිදහස් රැඩිකලුන් (Free radicals) සමඟ සටන් කරන අණු වලට.
අප වයසට යනවත් එක්ක නිදහස් මුක්ත ඛණ්ඩක ස්වභාවිකව වැඩිපුර අපගේ ශරීර තුළ ගොඩනැගෙනවා. නමුත් පරිසර දූෂණය, දුම්පානය , කෘෂිරසායනික ද්‍රව්‍ය, අධික ලෙස බදින ලද ආහාර සහ නැවත නැවත බදින ලද තෙල්වලින් සකස් කළ ආහාර අනුභවය, බැරලෝහ, විකිරණශීලිතාවය, මත් ද්‍රව්‍ය භාවිතය, හිරු එළියෙහි අඩංගු පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම වැනි පාරිසරික , ආහාරමය සහ චර්යාත්මක සාධක ගණනාවක් හේතුවෙන් අපගේ ශරීර තුළ නිදහස් මුක්ත ඛණ්ඩක මට්ටම් වැඩි වෙනවා.

නිදහස් මුක්ත ඛණ්ඩක නොහොත් නිදහස් රැඩිකලුන් සෛලවලට හානි කරනවා . ඉහළ මට්ටම්වලින් සෛලවලට කෙරෙන හානීන් නිසා පිළිකා, දියවැඩියාව සහ හෘද රෝග ඇතුළු පුළුල් පරාසයක සෞඛ්‍ය හානීන් එක්ක නිදහස් මුක්තඛණ්ඩක සම්බන්ධ නෙනවා. මෙම නිදහස් රැඩිකලුන් උදාසීන කිරීමෙන්, ස්ථාවර කිරීමෙන් සෞඛ්‍යය ප්‍රතිලාභ රාශියක් අත්විඳීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා. ලයිකොපීන් කියන්නෙත් නිදන්ගත රෝග වර්ධනය වීමේ අවදානම අඩු කළ හැකි ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයකට.

අප වයසට යනවත් එක්ක නිදහස් මුක්ත ඛණ්ඩක ස්වභාවිකව වැඩිපුර අපගේ ශරීර තුළ ගොඩනැගෙනවා

ලයිකොපීන් අඩංගු ආහාර වර්ග සුලභව ආහාරයට එක්කර ගන්නා උදවියට ප්‍රොස්ටෙිටි ග්‍රන්ථියේ ඇතිවන ප්‍රදාහයන් සහ ප්‍රොස්ටෙිටි පිළිකා, ස්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා සහ ඇදුම රෝගය , පියයුරු පිළිකා හෘද රෝග සහ පාරජමිබුල කිරණ වලින් සමට සිදුවන හානිය වලක්වා ගැනීම සදහා බලාපොරොත්තු තැබිය හැකි ගුණයක් ලද හැකි බවට විද්‍යාඥයින් අවදාරණය කරනවා

https://pubmed.ncbi.nlm.nih.gov/28847422/#:~:text=Onion%20proved%20to%20be%20the,of%20lycopene%20in%20tomato%20products.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලයිකොපීන් අවශෝෂණය උපරිම කරන සාධක

කලින් කීවුව තක්කාලිවල සුලභව තිබෙන ලයිකොපීන්හී ජෛව උපයෝගීතාව (Bio availability) නොහොත් ශරීයට ප්‍රයෝජනයට  ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට ලූනු වලට හැකි බව මෑතකදී සිදු කර තිබෙන අධ්යයන මගින් සොයාගෙන තිබෙනවා.

ලූනු පවුලේ එළවළුවල (බීලූනු , රතු ලූනු සුදු ලූනු , ලීක්ස් … ) තිබෙන සල්ෆර් සංයෝග, රසායනික ප්‍රතික්‍රියාවලට (ඉලෙක්ට්රෝන හුවමාරුවට) සම්බන්ධ වන බවත්, එය ලයිකොපීන් ශරීරයට ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට උපකාරී විය හැකි බවත් විද්යාඥයින් අනුමාන කරනවා.

අනෙක් අතට ලූනු කියන්නෙත් ප්‍රතිඔක්සිකාරක හොඳටම තියෙන කෑමක්. විශේෂයෙන් ලූනු ගෙඩියේ බාහිරට වන්නට තිබෙන රතු දම් පැහැති කොටස්වල quercetin සහ anthocyanins වගේ ප්‍රතිඔක්සිකාරක ෆ්ලේවනොයිඩ බොහොම සරුවට තිබෙනවා. ඒ නිසා ලූනු ශුද්ධ කිරීමෙිදී මෙි කොටස අනවශ්ය ලෙස ඉවත් නොකිරීමට වග බලා ගැනීමත් වැදගත් වෙනවා.

තවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ, ලයිකොපීන් කැරටිනොයිඩයක් නිසා දියවෙන්නේ මෙිදයේ ය. ආහාර පිසීමට භාවිත කරන තෙල් සමග තක්කාලි ආහාරයට ගන්නා අවස්ථාවලදී ලේවල ලයිකොපීන් සාන්ද්‍රය තෙල් නොමැතිව ආහාරයට ගන්නා අයට සාපේක්ෂව වැඩි වන බව අධ්‍යයනවලින් සොයා ගෙන තිබෙනවා .

අනෙක් අතට සේල්සියස් 80- 120 අතර උෂ්ණත්වයකට (සාමාන්ය ආහාර පිසින උෂ්ණත්වය) රත් කිරීමෙන් ලයිකොපීන්වල ජෛව උපයෝගිතාවය තවත් ඉහළ යන බව සොයා ගෙන තිබෙනවා. (කෙසේ වෙතත් ඊට වඩා අධික උෂ්ණත්වයේදී ලයිකොපීන් සිරුරට අවශෙෘ්ෂණය කර ගන්නට අපහසු ත්ත්වයට පත්වන බවට ද අධ්යයනවලදී තහවුරු වී තිබෙනවා).

ලයිකොපීන් ගැන සදහන් කිරීමෙිදී තවත් වැදගත් කාරණාවක් ඉස්මතු වෙනවා. එනම්, දැනට සමාන්‍යයෙන් වගා කරනු ලබන ක්‍රමවෙිදයෙන් බැහැරව කාබනිකව වගා කරනු ලබන තක්කාලිවල ලයිකොපීන් ප්‍රමාණය සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවට ඇතැමි අධ්‍යයනවලින් තහවුරු වී තිබීම යි.

එබැවින් හැකිතාක් කාබනික ද්‍රව්‍ය එක් කර තක්කාලි වගා කිරීමත් හැකි සෑම අවස්ථාවකදීම තම ගෙවත්තේ තමන්ට අවශ්ය තක්කාලි වගා කර ගැනීමත් බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය හැකියි.

කාබනික ද්‍රව්‍ය යොදා ගෙවත්තේ තක්කාලි වවා ගන්න…

මින් සරලව කියවෙන්නේ, ආහාර පිසීමට ගන්නා තෙල් සමඟ පිසීමෙන් තක්කාලිවල ලයිකොපීන්හී ජෛව උපයෝගීතාවය උපරිම වන බවත්, ලූනු සමග පිස ගැනීමෙන් එය තවත් ප්‍රශස්ථවන බවත් ය. (එම තක්කාලි කාබනික ද්‍රව්‍ය බහුලව භාවිත කරන හෝ තම ගෙවත්තේ කොමිපෝස්ටි භාවිතයෙන් වගා කරනු ලබන තක්කාලිනමි ඒවා තවත් හොඳවන බව යි.)

මෙි කාරණාව සරල උදාහරණයකින් පැහැදිළි කර ගන්නට පිළිව න්. ලූූනු සහ තක්කාලි දාලා සකස් කරන ලුණු මිරිසට වඩා ලූනු තක්කාලි සහ පොල් දමා සකස් කරන පොල් සමිබෝලය (පොල්වල තෙල් අඩංගු වන නිසා) අහාරයට ගැනීමෙන් ලයිකොපීන් වැඩියෙන් ශරීරයට අවශෙෘ්ෂණය වන බවත් , තෙල් දමා පිස ගන්නා පොල් සමිබෝලයෙන් ඊටත් වඩා වැඩියෙන් ශරීරයට ලයිකොපීන් ලබා ගන්නට පිළිවන්වන වන බවත්.

ඒ අනුව තක්කාලි එකතු කරල උයන වෑංජනවලට බීලූනු, රතු ලූනු , සුදු ලූනු පදමට එකතු කරගෙන ඊට තෙල් ටිකකුත් දා ගත්තාම ඒ සුසංයෝගය සෞඛ්ය ප්‍රතිලාභ අතින් හරිම අපූරුයි කියල විශේෂයෙන් කියන්නට ඕන.

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3850026/

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමාජ ජාලයේ රාජ්‍ය සේවකයා පරණ තුවක්කුකින් බය කිරීම…

Next Post

දුම්රිය දෙපාරත්මේන්තුවේ 500ක් විශ්‍රාම ගිහින්… දුම්රිය ගමන් වාර 44ක් අවලංගු වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.