බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සමාජ ජාලයේ රාජ්‍ය සේවකයා පරණ තුවක්කුකින් බය කිරීම…

by editor
දෙසැම්බර් 31, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ඔහුගේ මිතුරු ජාලය සමඟ සයිබර් අවකාශයේදී එකිනෙකා සම්බන්ධ කිරීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කළ මාක් සකර්බර්ග් කෙටි කලක් තුළ ලෝක බිලියනපතියන්ගේ ලයිස්තුවෙන් මුල් කිහිප දෙනා අතරට එන්නේ නිරායාසයකිනි. ඊට හේතුව ඔහු විසින් නිමවන ලද මේ අපූරු මෙවලම වෛරසයක වේගයෙන් ලෝකය පුරා බිලියන ගණනින් ජනතාව වැලඳගත් නිසාය. සමාජයේ කාටත් සිය අදහස් ප්‍රකාශනයේ සහ තොරතුරු හුවමාරු කිරීමේ මෙන්ම අනුන්ගේ ඕපදූප සෙවීමේ ස්වභාවික අවශ්‍යතාව මේ තුළින් පරිපූර්ණ වීම තුළ සකර්බර්ග්ගේ ෆේස්බුක් ජාලයට පිහාටු ලැබිණි. ෆේස්බුක් පමණක් නොව අද එවැනි තවත් සමාජ මාධ්‍ය ජාල ගණනාවක් තුළ බිලියන ගණනක් ජනතාව ජාල ගත වී ඇත්තේ කවුරුත් නොසිතු විරූ ලෙසින්ය.

මෙම සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශනය සඳහා පවතින අසිමිත ඉඩහසර විවිධ දේශපාලන ප්‍රවාහයන් සිය බලය ඉලක්ක වූ ව්‍යාපාර සඳහා පාර කපා ඇතිවාක් මෙන්ම ඇතැම් දේශපාලන ප්‍රවාහ සිය විරෝධතාවන් ට එරෙහිව නිර්මාණය වන ප්‍රවණතා යටපත් කිරීමටද කටයුතු කරන ආකාරයක් දැකිය හැකිය. ශ්‍රි ලංකාව සංදර්භය කරගතහොත් මේ සම්බන්ධයෛන් මෑතකදී මතුවූ විවාදාත්මක කරුණ වූයේ රාජ්‍ය සේවකයන් සඳහා මෙම සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයන් නිකුත් කිරීම සම්බන්ධයෙන් සීමා මායිම් සිහි කැඳවන චක්‍රලේඛයක් රජය විසින් නිකුත් කරනු ලැබීමය.මේ චක්‍රලේඛය රාජ්‍ය සේවකයන්ට සිය ප්‍රකාශනයේ නිදහසට දැමූ තිරිංගයක් ලෙස කතාවට ලක්විය.

මෙම චක්‍රලේඛයට අනුව රාජ්‍ය නිලධාරීන්ගේ මූලික මඟ පෙන්වීම් ප්‍රකාශනය වන ආයතන සංග්‍රහයේ දැනට පවතින වගන්ති සමාජ මාධ්‍ය තුළදටද බලාත්මක කරමින් මෙම චක්‍රලේඛය නිකුත් විය.

මොකක්ද මේ චක්‍රෙල්ඛය ?

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී කේ මායාදුන්න මහතා විසින් 2022 09 27 දින නිකුත් කරන ලද රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම යන හිසින් යුතු මේ චක්‍රලේඛය පිළිබඳව සමාජය තුළ දැඩි අවධානයක් යොමු විය. විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයාට පළා යන්නට තරම් ප්‍රබල වූ ජනතා විරෝධයෙන් පසුව නව ජනාධිපතිවරයකු පත් වීමෙන් මෙම චක්‍රලේඛය නිකුත් වන්නේ රට තුළ යළි මෙවැනි පෙරලිකාර පසුබිමක් නිර්මාණය වීමට පසුබිම් විය හැකි තත්ත්ව ඉවත් කිරිමේ පූර්වෝපායයක් ලෙස ඇතැම්හු මෙය හැදින්වූහ.

කෙසේ වුවද මෙම චක්‍රල්ඛයෙන් කියවුණේ කුමක්ද යන්න මුලින් වටහා ගැනීම වැදගත්ය. එය දැනට ක්‍රියාත්මක වන ආයතන සංග්‍රහයේ රජයේ නිලධාරීන් මාධ්‍ය සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳව දැක්වෙන මඟපෙන්වීමේද දිගුවකි. මෙම චක්‍රලේඛය මඟින් අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ ආයතන සංග්‍රහයේ පළමු කාණ්ඩයේ XXXI පරිච්ඡේදයේ 3.2 උප වගන්තිය ප්‍රකාර ව ජනමාධ්‍ය වෙත ප්‍රතාශ නිකුත් කිරීමේදි අනුගමනය කළ යුතු මඟ පෙන්වීමට අවධානය යොමු කරවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තවද මෙම චක්‍රලේඛය මඟින් ආයතන සංග්‍රහයෙහි දෙවන කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදයේ 6 සහ 7 වගන්ති අනුගමනය නොකර රජයේ නිලධාරීන්ට සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් දැක්වීමද විනයානුකූල වරදක් ලෙස දක්වා ඇත.

ආයතන සංග්‍රහයට අනුව දේශපාලන හිමිකම් භුක්ත විඳීමේ වරප්‍රසාද සහිත රාජ්‍ය නිලධාරීන් හැරුණු කොට සෙසු එවැනි හිමිකම් භුක්ති විඳීමේ හැකියාවක් නොමැති නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් පළ කිරීමද විනයානුකූලව ක්‍රියාමාර්ග ගත හැකි වරදක් බවට මෙමගින් මතක් කර දෙයි.

ආයතන සංග්‍රහයට අනුව අමාත්‍යංශ ලේකම්වරයකුට හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියකු ට හෝ එම නිලධාරීන් විසින් අවසර දෙන නිලධාරීන්ට හැර වෙනත් කිසිවකුට පුවත්පත්වලට ලිපි ලිවීම හෝ මාධ්‍ය වෙත අදහස් පළ කිරීම කළ නොහැකිය. යම් නිලධාරියකුට එසේ කිරීමේ අවශ්‍යතාවක් ඇති නම් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාගෙන් අදාළ අවසරය ලබා ගත යුතු බව එයින් අදහස් වෙයි. එසේම මෙලෙස දක්වන අදහස් ද අදාළ විෂයට අනුකූලව සංඛ්‍යාලේඛන ආදී තොරතුරුවලින් යුතු විය යුතු අතර ස්වකීය මතය හෝ දේශපාලන මතය පිළිබිඹු වන කිසිදු ප්‍රකාශයක් කිරීම හෝ රජය විවේචනයට ලක් කිරීම නොකළ යුතු බව සඳහන් වේ.

ආයතන සංග්‍රහය මෙය දක්වා ඇත්තේ රජයේ නිලධාරියකු විසින් පුවත්පත්වලට ලිපි ලිවීමෙන් හෝ වාර්තාකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් හෝ රජයේ දෙපාර්තමේන්තුවක් විවේචනය කිරීම සඳහාවත් රාජකාරීමය වූ හෝ නොවූ සිය දුක් ගැනවිලි එනම් රාජකරී ඉටු කිරීමට කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම විවේචන පැමිණිලි අතිරේක අරමුදල් නොසැපයීම සම්බන්ධ විවේචන හෝ පැමිණිලි ආදිය ප්‍රචාරය කිරීම සඳහා ප්‍රවෘත්ති පත්‍ර යොදා නොගත යුතුය යනුවෙන් දන්වා ඇත. නව චක්‍රලේඛය විසින් මෙම තත්ත්වය පුවත්පත්වලට පමණක් නොව සමාජ මධ්‍ය ජාල සඳහාද ආරෝපණය කර ඇත.

මෙම චක්‍රලේඛය රාජ්‍ය සේවකයන් තුළ යම් කැලඹීමක් ඇති කළේය. ඊට හේතුව එයින් ඔවුන් ගේ ප්‍රකාශනයේ නිදහස යම් අභියෝගයකට ලක්වේය යන කරුණ නිසාය.

එහෙත් ප්‍රකාශනයේ නිදහසට මෙම සමාජ මාධ්‍ය හරහා වැට බැඳිය හැකිද?

ප්‍රකාශනයේ නිදහසට සමාජ මාධ්‍ය හරහා වැට බැඳිය හැකිද?

මෙය මේ වනවිට ගෝලීය තලයේද කතා බහට ලක්වන කරුණකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයට අනුව අපට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇත. මේ මූලික අයිතිය රකිමින් ලෝකයේ රාජ්‍යයන් සහ ආයතන සිය සේවකයන්ට මේ ප්‍රකාශනයේ සීමා මායිම් පනවා ඇත. මූලික වශයෙන් මෙම සීමා මායිම් පනවා ඇත්තේ මෙම ප්‍රකාශන හේතුවෙන් යම් හෝ අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වේය යන අවිනිශ්චිත බව හේතුවෙනි. විශේෂයෙන් ආයතන සංග්‍රහ වැනි මාර්ගෝපදේශ තුළට මෙය ඇතුළු කර ගන්නේ මේ නිසාය.

පසුගිය කාලයේ රජය මෙවැනි චක්‍රෙල්ඛයක් මඟින් රජයේ සේවකයන්ට කළේ යම් අනතුරු ඇඟවීමකි. එයට හේතුව කවුරුත් දන්නා දෙයකි. ඒ මේ රටේ බහුතර රාජ්‍ය සේවකයන් ඇතුළු හැට නව ලක්ෂයකගේ කැමැත්තෙන් රටේ ජනාධිපති බවට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය කෙරෙහි රටේ සිව් කොනින් පැන නැගි දැවැන්ත විරෝධය මත පාලක පැලැන්තිය තුළ නිර්මාණය වූ අවදානම් සහගත ස්වභාවය නිසාය. මේ දැවැන්ත ජනතා විරෝධය උත්තේජනය කිරීම සඳහා සමාජ මාධ්‍ය මඟින් සුළු පටු නොවන උත්තේජනයක් සැපයීමය. මෑත කාලයේ ලෝකය පුරා පැන නැගි අරාබි වසන්තය ඇතුළු ලොව රටවල පාලකයන් බලයෙන් පහ කිරීමේ මහජන විරෝධතාවල සමාජ මාධ්‍ය දැවැන්ත බලපෑමක් කළේය. අද ලෝකයේ ජනතාවට ඇතුවත් බැරි නැතුවත් බැරි තත්ත්වයට පත්ව ඇති මේ සයිබර් අවකාශයේ සමාජ මාධ්‍ය තුළ එවැනි විරෝධතාවන්හි බීජ පැලවීම යම් තරමකින් හෝ පාලනය කිරීම සඳහා මෙවැනි චක්‍රලේඛ මගින් යම් අනතුරු ඇගවීමකට ලක් කිරීමට කටයුතු කළා විය හැකිය.

මෙම චක්‍රලේඛය පිළිබඳව නිසි ලෙස හැදෑරුවහොත් පෙනී යන්නේ එය සමාජ මාධ්‍ය හමුවේ රජය රැක ගැනීමට හෝ රටේ ජනතාවගේ ප්‍රකාශන අයිතිය රැක ගැනීමට හැකියාව ඇති මෙවලමක් නොවන බවය.

කළ යුත්තේ ඇත්ත විවෘත කිරීමද? බොරුවට වැට බැඳීමද?

මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූයේ තොරතුරු දැන ගැනීම් අයිතිය වෙනුවෙන් විශේෂ කැප වීමක් කළ මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන නීතීඥ රදිකා ගුණරත්නය. රදිකා පවසන්නේ සමාජ මාධ්‍ය හරහා රාජ්‍ය සේවකයන්ගේ ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීම සම්පූර්ණයෙන්ම ඔවුන් ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීමක් වන බවය. විශේෂයෙන් සමාජ මාධ්‍ය ලෝකයේ තොරතුරු දැන ගැනීම සම්බන්ධ නව්‍ය ප්‍රවණතා රැසක් නිර්මාණය කර ඇති තොරතුරු යුගයක ජීවත් වන, තොරතුරු දැන ගැනීමේ අයිතිය වැනි ඒ පිළිබඳව වූ නව්‍ය නෛතික පසුබිම් නිර්මාණය වී ඇති පසුබිමක දශක කිහිපයකට නිර්මාණය කළ රාජ්‍ය චක්‍රලේඛන හෝ ආයතන සංග්‍රහ තුළින් රාජ්‍ය සේවකයන් ගේ මේ නූතන අයිතීන් අභියෝගයට ලක් කිරීමට ඉඩ නොදිය යුතු බව නීතිඥ රදික ගුණරත්න තදින් විශ්වාස කරයි.

“ මෙම චක්‍රලේඛය මඟින් රජය අරමුණු කරන දේ පැහැදිළියි. මේ රටේ රාජ්‍ය සේවකයන්ට ඔවුන් මුහුණ දෙන අසාධාරණකම් එසේ නැතිනම් රජයක් ලෙස රටට සිදුකරන අසාධාරණකම්වලට විරුද්ධ වීමට ඒ වෙනුවෙන් සිය අදහස් ප්‍රකාශ කිරිම බලහත්කාරයෙන් වළකාලමටයි මෙවැනි නියාමනයන් ගෙන එන්න උත්සාහ කරන්නේ. මෙයින් රාජ්‍ය සේවකයන්ට රටේ පුරවැසියකු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ පවතින අයිතියත් අභියෝගයට ලක් වෙනවා. අප වැනි රටවල පවතින්නේ පාලනය කළ කළමනාකරණය කළ ප්‍රජාතන්ත්‍රවාදියක් . ඒ තුළ රාජ්‍යයන් බලන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය මෙවැනි පියවරවලින් කප්පාදුවකට ලක් කර ප්‍රජාතන්ත්‍රවාදය යම් කළමනාකරණයකට පාලනයට ලක් කිරීම. ආයතන තුළ පවතින දූෂිත තත්ත්වය අනාවරණය කරන්නන් යටපත් කිරීමට මෙයින් උත්සාහ කරනවා.

ඇත්තටම ඒ වෙනුවට කළ යුත්තේ ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය අයිතිය ඉඩකඩ විවෘත කරන අතරේ ඔවුන් වෙතින් වැරදි තොරතුරු දුස්තොරතුරු සමාජ ගත වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි. එවැනි වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමට විරුද්ධව වැඩපිලිවෙළක් සකස් කිරීමයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදවාදයක් ඇති සමාජයක අපට බලාපොරොත්තු විය යුත්තේ පරණ චක්‍රලේඛනවලින් නව ලෝකයට ඇති ඉඩ අවහිර කිරීම නොවෙයි.“ නීතීඥ ගුණරත්න එසේ පවසන්නීය.

රජයේ සේවකයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

අප සමාජ මාධ්‍ය සංදර්භය තුළ කතා බහට ලක් කළද ඊට වඩා මෙම චක්‍රලේඛ හරහා සීමා මායිම් වැට බන්ධන දමා ඇත. රාජ්‍ය සේවකයන්ට සිය අදහස් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමටද අයිතියක් ඇති බව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය 2016 වසරේදී ලබා දුන් තීන්දුවක් මඟින්ද තහවුරු කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන කේ ශ්‍රිපවසන්, උපා ලී අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමාජ අසාධාරණයකට ලක් වන පුද්ගලයකුට සිය අදහස් යම් යම් සීමාවන් සහිතව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීමට අයිතියක් ව්‍යස්ථානුකූලව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම් යටතේ තහවුරු ව ඇති බ ව පෙන්වා දෙන්නේ කොල්ලුපිටිය මහානාම විද්‍යාලයයේ සංගීත ගුරුවරියක විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගනිමිනි. (අදාළ නඩු වාර්තාව මෙතනින් බා ගත කළහැකිය https://www.supremecourt.lk/images/documents/scfr_76_2012_ed.pdf) මේ ගුරුවරියට එම පාසලේ විදුහල්පතිවරයා සහ තවත ගුරුවරයකු අතින් සිදුවූ තාඩන පීඩන පිළිබඳව බලධාරීන්ට කොතෙක් ප්‍රකාශ කළද සාධණීය ප්‍රතිඵලයක් නොලද තැන ඇය ට වූ අසාධාරණය මාධ්‍යවලට ප්‍රකාශ කළාය. එහිදී ඇයට ඊට එරෙහිව විනයානුකූල පියවර ගත් අතර මේ සම්බන්ධයෙන් ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම සලකා බැලූ අධිකරණය ඇයට මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කළ අතර ඇයට සිදුවූ අසාධාරණකම්වලට එරෙහිව වන්දි ගෙවන ලෙසට අදළ ාරශ්වවලට නියමි කෙරිණි. අද රජය ජනතාවගේ ජීවිතය සමඟ වඩාත් සමීව සිටින සමාජ ජාල තුල අදහස් ප්‍රකාශනයට විලංගු දමන්නට යන්නේ එවැනි පසුබිමක් තුළය.

ඔස්ට්‍රේලියානු රාජ්‍ය සේවයේ සමාජ මාධ්‍ය නිදහස

රාජ්‍ය සේවකයන් සමාජ මාධ්‍ය තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ව ලෝකයේ සිදුවන කතා බහ තුළ දැනට වඩාත් ප්‍රාණවත් කතාබහක් නිර්මාණය වී ඇත්තේ ඔසේට්‍රේලියානු රාජ්‍ය සේවය තුළය. ඔස්ටේලියානු රජය විසින් ගෙන ඇති සාධනීය පියවර සහ එම රජය මෑත කාලීනව රජයට එරෙහිව සමාජ මාධ්‍ය ජාලවල අදහස් දැක්වූ රාජ්‍ය නිලධාරිනියන් දෙදෙනකු සම්බන්ධයෙන් අනුගමනය කළ පියවර මෙහිදී සලකා බැලීම වැදගත්ය. මෙයින් එක් සිදුවීමක් වන්නේ 2013 වසරේදී එරට ආගමන විගමන දෙපාර්තමේන්තු සේවිකාවක වන මිචෙලී බැනර්ජි විසින් සිය ට්විටර් ගිණුමෙහි රජය සම්බන්ධයෙන් පළ කළ විවේචනාත්මක අදහස් සම්බන්ධයෙන් ඇය සේවයෙන් නෙරපීමය. එහෙත් ඇය මෙම තීරණය ඔස්ට්‍රේලියානු අධිකරණ පද්ධතිය තුළ අභියෝගයට ලක් කළාය. කෙසේ වුවද අවසානයේ ඇය පරාජයට පත්වූ අතර වන්දියක්වත් නොලබාම සේවයෙන් ඉවත් වීමට සිදුවිය.

ඇයට පවතින අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙම නඩුවේදී දැඩි ලෙස අභියෝගයට ලක්ව ඇත්තේ ඔස්ට්‍රේලියානු රජය විසින් එරට රාජ්‍ය සේවකයන් සඳහා පනවා ඇති නීති මාලාවට සහ මඟ පෙන්වම් මාලාවට අනුගත නොවි ක්‍රියා කිරීමයි. විශේෂයෙන් ඇය මෙහිදී සිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම එහිදී ඉස්මතු වූ ප්‍රධාන කරුණකි.

එහෙත් ඊට වඩා වෙනස් දෙයක් පසුගිය කොවිඩ් වසංගත සමයේදී ඔස්ට්‍රෙලියාවේදි සිදුවිය. ඒ අත්දැකීමට මුහුණ දුන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය සෞඛ්‍ය ප්‍රධානී ලෙස කටයුතු කළ ඇනලීසි වෑන් ඩයිමෙන් නැමැති වෛද්‍යවරිය විසින් කරන ලද සමාජ මාධ්‍ය ප්‍රකාශයකි. ඇය සිය ට්විටර් ගිණුම හරහා කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පළ කළ අදහස් මඟින් රටේ සෞඛ්‍ය පද්ධති සම්බන්ධයෙන් මහජන විශ්වාසය කඩ වී ඇති බව පවසමින් එරට මන්ත්‍රීවරයකු රාජ්‍ය සේවය වෙත පැමිණිලි කළේ ඇය සේවයෙන් නෙරපිය යුතු බව සඳහන් කරමිනි. ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවා මෙම තත්ත්වය විවේචනය කර තිබුණි. එහෙත් එරට රාජ්‍ය සේවා කොමසාරිස් තීරණය කර ඇත්තේ ඇයගේ සමාජ මාධ්‍ය ප්‍රචාර මඟින් කිසිදු ආකාරයකින් රජයේ චර්යා ධර්ම සංග්‍රහය උල්ලංඝණය කර නැති බවය.

ඒ අනුව පෙනී යන්නේ මූලික වශයෙන් ඇයට ඇති භාෂණයේ හෝ ප්‍රකාශනයේ නිදහස කිසිසේත් අභියෝගයකට ලක් කොට නැති බවය.

මෙම සිදුවීම් සමඟ මේ වනවිට ඔස්ට්‍රේලියානු රජය එරට රාජ්‍ය සේවකයන් සඳහා සිය භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියද රැකෙන ආකාරයේ සමාජ මාධ්‍ය භාවිතයට මඟ පෙන්වීමක් සකසනු ලැබ ඇත.

මේ පිළිබඳව ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවා කොමසාරිස් පීටර් වූල්කොට් දක්වන්නේ මෙවැනි අදහසකි.

“සමාජ මාධ්‍ය දැන් අපි එකිනෙකා සමඟ සම්බන්ධ වන සහ සම්බන්ධ වන ආකාරය පිළිබඳ මූලික කොටසකි. එය අප ප්‍රවෘත්ති, අදහස් සහ රුචිකත්වයන් බෙදාහදා ගන්නා ආකාරය සඳහා කේන්ද්‍රීය වී ඇත. අපි සබඳතා පවත්වාගෙන යන ආකාරය සහ අපගේ ප්‍රජාව තුළ අපගේ අනන්‍යතා සහ භූමිකාවන් ප්‍රකාශ කරන ආකාරය ඒ මත රඳ පැවතීමේ හැකියාවක් ඇත.

ඕස්ට්‍රේලියානු රාජ්‍ය සේවා (APS) සේවකයින්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසියන් ලෙස ප්‍රජා ජීවිතයක නිරත වීමට අයිතිවාසිකම් ඇති සේම සබැඳි සමාජයට සහභාගී වීමට අයිතියක් ඇත. රාජ්‍ය සේවකයින්ට පුද්ගලික ජීවිත, පෞද්ගලික අදහස් සහ දේශපාලන අදහස් ප්‍රකාශනය සඳහා හිමිකම් ඇත.

ඒ අතරම,රාජ්‍ය සේවා රැකියාවේ අද්විතීය ස්වභාවය යනු අපගේ අදහස් ප්‍රකාශ කිරීම පුද්ගලයන් වශයෙන් අප මත පමණක් නොව, අපගේ නියෝජිතායතන සහ සමස්තයක් ලෙස රාජ්‍ය සේවය මත පිළිබිඹු විය හැකි ය.. අපගේ පුද්ගලික හැසිරීම අවසානයේ ඕස්ට්‍රේලියානු ප්‍රජාව සහ රජය ආයතනයක් ලෙස රාජ්‍ය සේවයේ අඛණ්ඩතාව කෙරෙහි ඇති විශ්වාසයට බලපෑ හැකිය.“

එබැවින් මේ වනවිට ඔස්ට්‍රේලියනු රාජ්‍ය සේවකයන්ගේ සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශනයේ නිදහස රැකෙන ආකාරයෙන් ඉලක්කගත මඟපෙන්වීම් මාලාවක් ලබා දී ඇත

ඔස්ටෙල්‍රියානු රාජ්‍ය සේවා කොමසාරිස් පීටර් වූල්කොට් පවසන ආකාරයට රාජ්‍යසේවකයකුට සිය දේශපාලන මතය යම් දේශපාලන පක්ෂෂයකට සහය පළ කෙරන ප්‍රකාශයක් හෝ විවේචනාත්මක පළ කිරීමක් සිදු කිරීමට අයිතියක් ඇත. එහෙත් එය කිසිසේත් සිය රාජ්‍ය සේවයේ වගකීම් හා නොගැටෙන්නක් විය යුතුය. තමන් සේවය කරන රාජ්‍ය ආයතනයේ හෝ රජයේ වෙනත් ආයතනවල විශ්වසනීයත්වය බිඳ නොවැටෙන්නක් විය යුතුය. රජයේ නායකයින් විවේචනය නොකරන්නක් විය යුතුය.

එපමණක් නොව ඔස්ට්‍රේලියාව සිය රාජ්‍ය සේවකයන් සමාජ මාධ්‍ය තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳව එක් එක් සමාජ මාධ්‍ය ජාලාවලට අනුරූප ව මඟ පෙන්වීම් සිදු කිරීමට තරම් දුර දිග ගොස් ඇත.ඒ මඟ පෙන්වීම් සියල්ලම සැලකුවහොත් ඒවා අද ලෝකයේ ජනතාව වැඩිම වශයෙන් භාවිත කරන ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රාම්, ට්විටර් වැනි සමාජ ජාල වල ක්‍රියාකාරකමවලට අනන්‍ය ලෙසින් සකසා ඇත.

මෙහිදී අප සඳහන් කළ යුත්තේ ශ්‍රි ලංකාවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ඊට වඩා මර්දනකාරී ලෙස මෙරට රාජ්‍ය සේවකයන්ගේ ප්‍රකාශනයේ නිදහසට යම් බාධකයක් දමා ඇති බවය. එනම් ඔවුන් මෙම චක්‍රලේඛය හරහා සිදුකර ඇත්තේ සාම්ප්‍රදායික ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමඟ ගනුදෙනු කරන ආකෘතිය හරහාම රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය තුළ අදහස් දැක්වීමට පාලනය කිරීමය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යයකට අදහස් දැක්වීම සඳහා මේ වනවිට පනවා ඇති රෙගුලාසි සහ මඟපෙන්වීම් අපට පිළිගත හැකිය. ඒ සීමාවකින් හෝ පාලනයකින් තොරව සිදුවිය හැකි එවැනි ප්‍රකාශනයන්ගේන් අද රාජ්‍ය සේවා අගතියක් විය හැකි නිසාය.

එසේ වුවද අද අඩුම තරමින් වට්ස්ඇප් සමාජ ජාල ගිණුමක් නැතිව රාජ්‍ය සේවයවත් හරි හැටි කරන්නට බැරි තරමට මෙම පිළිවෙත් පාලන තන්ත්‍රය සමඟ බැඳී ඇති පසුබිමක් තුළ වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතයකට ඒ තුළ රාජ්‍ය සේවකයන්ගේ අදහස් ප්‍රකාශනයට යම් ඉඩක් වෙන් කර දිය යුතුය. ඒ සඳහා ඔස්ට්‍රේලියානු රාජ්‍ය සේවය (Australian Public Service APS) ආදර්ශයක් කර ගත හැකි බව මෙහිදී පෙන්වා දිය යුතු කරුණකි. එසේ නොමැතිව කිසිදු ගැලපීමක් නැති චක්‍රෙල්ඛයක් හරහා රාජ්‍ය සේවකයන් පීඩනයකට පත් කිරීම ඇතැම් විට ඉදිරියේදී තවත් පීඩන බෝම්බයක් නිර්මාණය කිරීමත් විය හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

16වැනි බෙනඩික්ට් හිටපු පාප් තුමෝ ස්වර්ගස්ථ වෙති…

Next Post

වයසක ඇත්තන් තිරිහන් කරන තක්කාලි – ලූනු රජ මුසුව…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.