සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වඳුරු උණට බිය විය යුතු නෑ කියලා වැඩක් නෑ… සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ ජනතාව දැනගත යුතුයි! 

වසංගත රෝග අංශයේ හිටපු අධ්‍යක්ෂ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ...

by editor
නොවැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සාකච්ඡාව – ශ්‍රියානි විජේසිංහ 

වඳුරු උණ රෝගය වැලදුණු පළමු පුද්ගලයාව පසුගියදා  මෙරටින් වාර්තා විය . විදේශ රටවල වඳුරු උණ වේගයෙන් පැතිරෙමින් ඇති වටපිටාවක විදේශවලින් රට තුළට ඇතුළුවන පුද්ගලයින් අතරින් වඳුරු උණ රෝගය පැතිරීයෑමේ අවදානමක් ගැන ඊයේ (07) සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.  රට තුළින් වඳුරු උණ රෝගියෙක් වාර්තා වීම සහ මතු වී ඇති   අවදානමත්,   රෝග ව්‍යාප්තිය පාලනය සදහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති  වැඩ පිළිවෙළත්  සම්බන්ධයෙන් “ලංකාසර“   වසංගත රෝග අංශයේ හිටපු අධ්‍යක්ෂ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සමග කෙටි සාකච්ඡාවක් කළේය. මේ අප විමසූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරුය.

විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

ප්‍රශ්නය – වඳුරු උණ රෝගය පැතිර යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය අනුගමනය කරන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙක්  ලෙස ඔබ  සෑහීමටක පත්වෙනවාද? 

පිළිතුර  – අපිට තවමත් එක් රෝගියෙකු පමණයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යංශය ගනු ලබන ක්‍රියා මාර්ගයන් මොනවාද  කියා   දැනගන්න නැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කර තිබුණා “ මේ සදහා බිය විය යුතු නැහැ. අපේ ප්‍රතිශක්තිය අනුව පාලනය කර ගත හැකියි.  රෝගයට ප්‍රතිකාර කරන්නේ රෝග ලක්ෂණ අනුව. ඒ සඳහා   ප්‍රමාණවත් ඖෂධ තොග තියෙනවා.” කියලා .

නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ කාර්ය භාරය විය යුත්තේ දේශපානඥයින් කළ යුතු  ප්‍රකාශයන් කිරීම ‌නොවෙයි. ඔවුන් කළ යුත්තේ එය නොවෙයි.   “මේ රෝගය රටපුරා පැතිර යාම වළක්වා ගැනීම සඳහා ක්‍රියමාර්ගයන් ගනිමින් තියෙනවා…“ කියන පණිවිඩය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජනතාවට ලබා දිමයි කළ යුතු වන්නේ.

ප්‍රශ්නය – රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ඔබ යෝජනා කරන ක්‍රියා මාර්ගයන් මොනවාද?

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පිළිතුර – මේ වයිරසය විදේශයන්ගෙන් මෙරටට  පැමිණෙන පුද්ගලයෙකුගෙන් හෝ  කණ්ඩායමකින් තමයි ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසා ගුවන්තොටුපලේ වරාය වැනි ස්ථානයන්ගේ  ආවේක්ෂණ වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතු වෙනවා.  

ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කළ යුතු වෙනවා.   සෞඛ්‍ය අමාත්‍යංශය ගනු ලබන මෙම ක්‍රියාමාර්ගයන් සම්බන්ධයන් ජනතාව දැනුවත් කිරීමක් කළ යුතුයි. ඒ වගේම මේ රෝගය බෝවන අන්දම පිලිබඳව ජනතාව දැනුවත් කළ යුතු වෙනවා.

ප්‍රශ්නය – යම් හෙයකින් මේ රෝගය වසංගතයක් ලෙස පැතිර ගියහොත් එය පාලනය කර ගැනීම සඳහා අපට අවශ්‍ය තරම් ඖෂධ තිබෙනවා කියා ඔබ විශ්වාස කරනවාද? 

පිළිතුර – මේවන විට සියලුම රෝගවලට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අර්බුදයක් පවතිනවා. අපට අවශ්‍ය ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍යවලින් සියයට 80 ක් පමණ ගෙනඑන්නේ විදේශයන්ගෙන්. මේ වන විට බරපතල ඖෂධ හිඟයක් තියෙනවා. අත්‍යවශ්‍ය ඖෂධවලින් සියයට 50ට වඩා වැඩි ප්‍රමාණයක් හිඟයක් කියලා සෞඛ්‍ය අංශම නිවේදන නිකුත් කරලා  තියෙනවා. 

එවන් තත්ත්වයක් තුළ වදුරු උණ රෝගය   වසංගතයක් ලෙස  පැතිර ගියහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය තරම් ඖෂධ අප සතුව නැහැ. ඇතැම් විට ඖෂධ ගෙන්වීම සඳහා රජය කිසියම් ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටිනවා විය හැකියි.  

ප්‍රශ්නය – මේ වගේ ඖෂධ හිඟයක් රටතු ඇති වුණේ ඇයි?

පි- අපි අතීතයේදී සිට ඖෂධ ගෙන්වීම සඳහා   කරගෙන ගිය  වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ නැහැ.  2022 –  2023 වසර සඳහා අවශ්‍ය ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය ඇනවුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු  කරලා නැහැ. ඒ නිසා තමයි මේ වගේ ඖෂධ හිඟයක් පැන නැගුණේ. 

දැනට ආණ්ඩුව කරන්නේ කිසියම් පරිත්‍යාගයක් මත යැපීමට කටයුතු කිරීමක් පමණයි. එවන් තත්ත්වයක් යටතේ කවුරුන් හෝ කියනවා නම් ඖෂධ හිඟයක් නැහැ කියලා ඒක සත්‍ය ප්‍රකාශයක් නෙවෙයි.

ප්‍රශ්නය – යම් හේතුවකින් මෙය වසංගතයක් ලෙස පැතිර ගියහොත් ඉන් මිදීමට ජනතාවට දිය හැකි පණිවිඩය කුමක්ද? 

පිළිතුර – මෙම රෝගය වැළදෙන්නෙ සමීප ඇසුරකින්. ඒ නිසා සැකකටයුතු පුද්ගලයින් සමග සමීප ඇසුරු නැවැත්වීම සබන් යොදා දෑත් නිරන්තරයෙන් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්යයි.  

ප්‍රශ්නය- මේ මොහොත වන විට වසංගත රෝග විද්‍යා අංශය මෙම රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ගයන් සම්බන්ධයේ ඔබ සෑහීමකට පත්වෙනවාද?

පිළිතුර – මේ මොහොත වන විට ඒ අය රෝගය පාලනනය සඳහා යම් යම් වැඩපිළිවෙළක්   යොදනවා විය හැකියි. ඒ අය සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කරනවා විය හැකියි. 

නමුත් මේ වැඩපිළිවෙළ ජනතාව දැනගත යුතුයි. ඒ නිසා ජනතාවට  නිකම්ම බිය විය යුතු නැතැයි කියා ප්‍රකාශ කළාට පලක් නැහැ. 

සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන වැඩපිළිවෙළ කුමක්ද කියලා ජනතාව දැනුවත් කරන්න  අවශ්‍යයයි.    

 

                         

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රියමාලි සමග කළ ගනුදෙණු ගැන සී.අයි.ඩී. ය සංගීතාගෙන් ප්‍රශ්න කරයි…

Next Post

වැලිකන්ද කන්දකාඩු කඳවුරේ කළහකාරී රැඳවියන් 202ක් රිමාන්ඩ්….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.