අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන සංරක්ෂණය එක්ක ඇග්‍රිමන්ට් ගහලා උඩවලව ජාතික වනෝද්‍යානය මායිමේ අරඹපු චීන්නුන්ගේ දැව අඟුරු ෆැක්ටරියට එරෙහිව ගම්මු පාරට…  …

by editor
අගෝස්තු 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුරියවැව නුවන් ජයසේකර – 

දැඩි පාරිසරික හානියකට අතවනමින් මාස කිහිපයක් තිස්සේ චීන ජාතිකයින් කිහිප දෙනෙකු විසින් පවත්වාගෙන යනු ලැබූ දර අගුරු නිශ්පාදන කර්මාන්ත ශාලාවකට විරෝධය පළකරමින් තණමල්විල අරඹෙකෙම ගම්වාසින් හා පරිසර යුක්ති කේන්ද්‍රය එක්ව ඊයේ (16) විරෝධතාවයක නිරත විය.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කහකුරුල්ලන්පෑලැස්ස ග්‍රාම නිළධාරි වසමේ පිහිටි අරඹෙකෙම ගම්මානයේ රංගකුඹුර මාර්ගයට යාබද පිහිටි පුද්ගලික ඉඩමක චින ජාතිකයින් පිරිසක් එක්ව මෙම දර අඟුරු කර්මාන්ත ශාලාව පවත්වාගෙන යයි.

මේ වන විට අදාල ඉඩමේ පෝරණු 20න් සමන්විත අංගණයක් ඉදිකර ඇති අතර එම එක් පෝරණුවන් සදහා දර ටෝන් හතර හමාරක් පමණ එක් කළ හැකිය.

විරෝධතාවයට එක්ව සිටි අරඹෙකෙම පදිංචි කේ.ඩී.ඥානවතී  මෙසේ කීවාය.

“ඉවත දමන දර අතු භාවිතා කරමින් මෙම දර අගුරු කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන බව පවසා තමයි මෙය මුලින් ආරම්භ කළේ. නමුත් පසුව මෙම කර්මාන්ත ශාලාව සඳහා අඟුරු නිශ්පාදනය කිරිමට බුරුත,තේක්ක, නැදුන්, ගංකොහොඹ, පළු, වීර, මාර වැනි ඉතා වටිනා ගස්ද විශාල ලෙස කපා අගුරු කිරීම් පටන් ගත්තා. දවසට දැව ලොරි තිහ හතලිහ මෙතනට ආවා.එම අවස්ථාවේදි තමයි ගම්මුන් හැටියට අපි එකතු වුනේ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිලෙන, අරියවංශ හිමි සහ ඥානවතී

“මෙම කර්මානත් ශාලාව චින ජාතිකයින් කිහිප දෙනෙකු හා තවත් ඇඹිලිපිටියේ පුද්ගලයන් කිහිප දෙනෙකු එක්ව ඇඟේ හයියෙන් නිළධාරීන්ට අත යට මුදල් දීලා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන ආවා. ගම්මුන් එකතු වෙලා විරෝධය පෑවට පසුව තමයි දැනට තාවකාලිකය මෙය නවත්වා තියෙන්නේ.”

“මේ කර්මාන්ත ශාලාව තියෙන්නේ උඩවලව ජාතික උද්‍යානයට මිටර් 100කටත් වඩා අඩු දුරකින්. ඒ වගේම වන වගාවට මීටර් 200ක් විතර ආසන්නයෙන්. මේ ගම්මාන අවට කොහෙවත් වඩු මඩුවක්වත් දමන්න බලපත්‍ර දෙන්නේ නෑ ජාතික උද්‍යානයට ආසන්නයි කියලා. එහෙම තියෙද්දි දර අඟුරු හදන්න කර්මාන්ත ශාලාවකට කොහොම අවසර දුන්නද කියන්න අපි දන්නේ නෑ. නිළධාරීන් මේවට වගකියන්න ඕනේ.” 

“අපි කියන්නේ ගමේ පළාතේ තියෙන ඉතුරු ගස් ටික හරි රැක ගන්න වහාම මේ කර්මාන්ත ශාලාව වසා දමන්න කියන එකයි. එසේ නැති වුනොත් ගම්මුන් හැටියට අපි දැඩි තින්දුවක් ගන්නවා” ඇය පැවසුවාය.   

විරෝධතාවට එක්ව සිටි කහකුරුල්ලම්පෑලැස්ස වාළුකාරාමාධිපති දම්පහළ අරියවංශ හිමියෝ මෙසේ සිය අදහස් දැක්වූහ.

මේ පළාතේ ජිවත් වෙන්නේ අහිංසක ගොවි පිරිසක්. මේ මිනිස්සු ජිවත් වෙන්නේ ගොවිතැනක් කරගෙන. මේ මිනිස්සුන්ට ඕනේ වතුර ටිකක් ලැබෙන ක්‍රමවේදයක් මිසක් ගමේ පළාතේ තියෙන ගස් ටික කපලා දර අගුරු හදලා රට පටවන කොම්පැණියක් නෙමෙයි.

මේ වෙනකොට චීන ජාතිකයින් කිහිප දෙනෙකු එකතු වෙලා මේ පළාතේ තියෙන ගස් ටික කපලා පුච්චමින් යනවා. මේකට මේ පළාතේ ඉන්න සියළුම නිළධාරීන් වගකියන්න ඕනේ.අපිට දැනට දැනගන්න නම් තියෙන්නේ බොහොමයක් නිළධාරින් අල්ලසට යට වෙලා කියලයි  

ඒ නිසා අපි ගම්මු සමග ඉන්නවා. වහාම මේ කර්මාන්ත ශාලාව අකුලගෙන යා යුතුමයි. එසේ නොවුනොත් අපි ඒ සදහා අවසර දිපු සියලුම නිළධාරීන් හොයාගෙන ගම්මුන් එක්ක එනවා” යැයි උන්වහන්සේ පැවසූහ.

දර කොට….

විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි පාරිසරික යුක්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ සිය අදහස් දැක්වූයේ මෙසේය. 

“මේ ගතවෙන්නේ  ජාතික මට්ටමෙන් වගේම ජාත්‍යන්තර මට්ටමෙන් පාරිසරික උෂ්ණත්වය පිළිබදව, ගහකොල සතා සිව්පාවුන් ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් විවිධ සම්මුතින් වලට එළෙඹෙමින් තීන්දු තීරණ ගනිමින් සිටින මොහොතක්. එවැනි වටපිටාවක දි  දැඩි පරිසර හානියක් සිදුකරමින් ගස් පුච්චලා දරු අගුරු හදලා රට යවලා ඩොලරි හොයන්න යන මේ ව්‍යාපාතිය පිළිබදව පරිසර සංවිධානයක් විදියට අපි විශේෂ අවධානයක් යොමු කළා. ගම්මුන් අපිට මේ පිළිබදව සියළුම තොරතුරු ලබා දිමෙන් පසු අපිත් අවස්ථා කිහිපයකදීම මේ පළාතට ඇවිත් සොයලා බැලුවා. “

“ඇත්තටම ඉදිරියේදි මේ කර්මාන් ශාලාව නිසා සිදුවිමට නියමිත පාරිසරික හානිය අති ප්‍රබලයි . මොකද මේ කර්මාන්ත ශාලාවට හොර පාරෙන් අපේ කැලෑවල තියෙන වටිනා ගස් ටික කපාගෙන ආවා කියන්න ගම්මුන් සතුව සාක්ෂි සාධක තියෙනවා. මේතරම් විනාශයක් පෙනි පෙනිත් නිළධාරීන් නිහඬව සිටිය එක ගැන පුදුමයි. පරිසර යුක්ති කේන්ද්‍රය ලෙස අපි මේ වන විට ප්‍රදේශයේ සියලුම බළධාරින්ව ලිඛිතව දැනුම්වත් කිරිම කරලා තියෙනවා. නමුත් තවම නම් මේ කර්මාන්ත ශාලාව ඉවත් කිරිම කෙරෙහි අවධානයක් යොමුව ඇති බවට තොරතුරක් නැහැ. දැනට තාවකාලිකව මෙහි නිශ්පාදන කටයුතු නවතා තිබෙනවා. ඉතින් පරිසර සංවිධානයක් විදියට අපි මේ පිළිබදව දැඩි අවධානයකින් පසුවෙනවා” 

අරඹෙකෙම ඊගල් යෞවන සමාජය, ඌරුහොර දේවගිරි ජනතා සංවර්ධන පදනම, කහකුරුල්ලන්පැලැස්ස ග්‍රාම සංවර්ධන සමිතිය, ගිරිදේව ගොවි සමිතිය ,සමෘධි ග්‍රාම සංවර්ධන සමිතිය ඇතුළු ග්‍රාම සංවිධාන රැසක නියෝජිතයින් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

ව්‍යාපෘති කළමණාකරු…

මෙම කර්මාන්ත ශාලාව පිළිබදව අප එහි ව්‍යාපෘති කළමනාකරුගෙන්ද විමසීමක් කළ අතර එහිදි ඔහු මෙලෙස පැවසිය. 

“අපි මේකට භාවිතා කරන්නේ කොටන් නෙමේ… ඉවත දමන අඟල් දෙකත් අගල් 05ත් අතර දර අතු විතරයි. කටු අන්දර, මහ අන්දර, කරුමාන්න වගේ දැව විතරයි භාවිතා කරන්නේ. තේක්ක කොහොඹ වගේ ඒවත් ගන්න පුළුවන්. දැනට මෙතන තියෙන කොටන් ඔක්කොම දැව සංස්ථාවෙන් රුපියල් ලක්ෂ 18කට මිළදි ගනිපු ඒවා. අවට මිනිස්සු ඉතින් විවිධ ගස් කපලා ගෙනත් දුන්නම අපි ඒවා බාරගත්තා. “

දැව අඟුරු…

“මේ සදහා අවසර ඉල්ලුවට නිළධාරීන් කාටවත් කිසිම අයිඩියා එකක් තිබුනේ නෑ මොකද්ද මේ දර අඟුරු කියන්නේ කියලා. ඉතින් ඒ අයට බලන්න එන්න කිව්වට ඒ අය ආවේ නැ. අපි කර්මාන්ත ශාලාව පටන් ගත්තා. මේ සදහා අවශ්‍ය දර ලබා ගන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙනවා. අනෙකුත් නිළධාරිනුත් අපිට පොරොන්දු වුණා මේකට සහාය හා අනුමැතිය දෙන්නම් කියලා…” පැවසිය.

විරෝධතාවයට එක්ව සිටි ගම්වැසියන් දිගින් දිගටම චෝදනා කලේ ලිපේ දමන්න දර අතුකෑල්ලක් කඩා ගන්න ගියත් වන සංරක්ෂණයෙන් නඩු දමන බවය. මෙවැනි කර්මාන්ත ශාලාවකට හොර පාරෙන් කොටන් ඇතුළු දර ටිපර් ගණන්  රැගෙන ඒමට කිසිදු බාධාවක් නොමැති බවයි. 

“සියළුම නිළධාරීන් චින ජාතිකයින්ගේ අල්ලසට   යටත් වෙලා. ඒකයි අදටත් මේ කර්මාන්ත ශාලාව මෙහෙම තියෙන්නේ”  විරෝධතා කරුවෝ පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දික්වැල්ල ඝාතකයා පාවිච්චි කළ ගිනි අවිය මැගසින් එකක් සමග අත් අඩංගුවට… සැකකාර ඝාතකයින් පලා ගිහින්…

Next Post

ඡන්ද ප්‍රමාද වුණත් පළාත් සභා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් හදන්න ජනපති එකඟ වුණා – සී. වී. විග්නේස්වරන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.