බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දික්වැල්ල ඝාතකයා පාවිච්චි කළ ගිනි අවිය මැගසින් එකක් සමග අත් අඩංගුවට… සැකකාර ඝාතකයින් පලා ගිහින්…

දික්වැල්ල , කුඩා වැල්ල ඝාතකයන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් සමග විමර්ශන අරඹයි...

by editor
අගෝස්තු 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය අඟහරුවා දා (15) පැය දෙකක් ඇතුළත තංගල්ල කුඩාවැල්ලේදී හා මාතර දික්වැල්ලේ දී වෙඩි තබා සිදුකළ ඝාතන ද්විත්වයේ  තංගල්ලේ දී සිදුකළ ඝාතනයට යොදා ගත් ටී 56 ගිනි අවිය තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් එදිනම (15)   දික්වැල්ල පොලිස් වසමේ දික්වැල්ල, උඩගංගොඩ, ඌරුගමුව ප්‍රදේශයේ  සිදුකළ වැටලීමකි දී අත් අඩංගුවට ගෙන ඇත.

එම  T56 ගිණි අවිය  සහ මැගසිනයක්   ඝාතනය කළ වෙඩික්කරු විසින් කැළය තුළ සඟවා තිබියදී විශේෂ කාර්ය බලකාය නිළධාරීන් විසින්   අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දික්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දැනට අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම ඝාතනය සිදුකර ඇත්තේ යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර වසර එකොළහකට පමණ පෙර සේවය හැර ගිය පුද්ගලයකි.

මොහු සහ මොහුගේ සහෝදරයා යම් අපරාධයක් සිදුකර සිරගත වී මීට මාසයකට පමණ ඉහතදී නිදහස ලබා පැමිණි බවටත් කරුණු අණාවරනය වී තිබේ.

ඝාතනය වූ පුද්ගලයින් දෙදෙනා…

දැනට මොවුන් දෙදෙනාම ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බවට කරුණු අනාවරණය විය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දික්වැල්ලේ දී ඝාතනය වූයේ එම්.ඒ.එස් පුෂ්පකුමාර (46)  නැමැති පුද්ගලයෙකි.  මොරටුවේ පදිංචි වී සිටි ඔහු විවාහයෙන් පසු  මාතර උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි වී සිට ඇත.  පොලිස් විමර්ශනවලට අනුව මේ පුද්ගලයා පාතාලය සමග සම්බන්ධකම් පවත්වා තිබේ.

දික්වැල්ලේ මෝදර සණස බැංකුව අසල පොල් ඉඩමකට  මේ පුද්ගලයා ගෙන්වා ඔහුට ටී 56 ගිනි අවියකින්  වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඔහු ඝාතනය කළ ස්ථානයේ තිබී හිස් පතොරොම්කොපු 21ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය මිතුරේ සමග යතුරුපැදියකින් මෙම ස්ථානය වෙත පැමිණ ඇතැයි පොලිසිය කියයි.

ඔහුට ලැබුන දුරකථන ඇමතුමකට අනුව මිතුරෙක් කැඳවාගෙන ඔහුට මුදල් ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින්  දික්වැල්ල මෝදර සණස බැංකුව අසලට ඔහු ගමන් කර ඇත.

ඝාතනයට ලක් වූ පුද්ගලයා යතුරුපැදියෙන් බැස පුද්ගලයෙක් සමග කතා බහක නිරතව සිටි බවත්, එම පුද්ගලයා ඔහුට වෙඩි තැබූ බවත් ඝාතනයවූ පුද්ගලයාගේ මිතුරා පවසා ඇත. එම අවස්ථාවේ දී තමන් යතුරුපැදිය පණ ගන්වාගෙන  පලා ආ බවත් අනතුරුව පොලිසියට පැමිණ ඒ සම්බන්ධව දැනුම් දුන් බවත්  මිතුරා පොලිසියට පවසා ඇත.

ඝාතනයට ලක් වූ පුද්ගලයාට වර්ෂ 2006දි සහ වර්ෂ 2015 දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කිරීමට සම්බන්ධව චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

එමෙන්ම මීගමුව, ගම්පහ, දික්වැල්ල ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසකට මෙම පුද්ගලයා සම්බන්ධ බවට චෝදනා එල්ල වී  තිබේ.

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දී ඝාතනය කර තිබුණේ නිමේෂ් රංග (35) නැමැති   බහුදින යාත්‍රාවල ස්කිපර් කෙනෙක් ලෙස සේවය කරන තැනැත්තෙකි. ඔහුට එරෙහිව පාතාල අපරාධ චෝදනාවක්   ගොනුවී නොතිබුණ බවද පොලිසිය පවසයි.

නාකුළුගමුවේ පදිංචිව සිටි ඔහුට යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මිතුරන් කීප දෙනෙක් සමග කතා කරමින් සිටිය දී නම කියා ඔහුට කතා කරය.

කුඩාවැල්ලේ සහ දික්වැල්ලේ කළ මෙම  මිනිස් ඝාතන දෙකට සම්බන්ධ තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල සහ දික්වැල්ල පොලිසිවලට අමතරව තව ත් විමර්ශන කණ්ඩායම් 4ක් පත් කර තිබේ.

මේ වනවිට තංගල්ල සහ දික්වැල්ල පොලිස් ස්ථානවලට අනුයුක්ත අපරාධ විමර්ශන අංශ සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, දකුණු පළාත් අපරාධ කොට්ඨාසය, විශේෂ කාර්ය බළකාය සහ කොට්ඨාස බුද්ධි අංශය මෙසේ විමර්ශනවලට අනුයුක්ත කර ඇති බව විමර්ශන අංශ කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාශ්මීර සැෆ්රන් කිලෝ එකක් ඉන්දියානු රුපියල් ලක්ෂ තුනක්

Next Post

වන සංරක්ෂණය එක්ක ඇග්‍රිමන්ට් ගහලා උඩවලව ජාතික වනෝද්‍යානය මායිමේ අරඹපු චීන්නුන්ගේ දැව අඟුරු ෆැක්ටරියට එරෙහිව ගම්මු පාරට…  …

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.