කාශ්මීරයේ වගා කරනු ලබන සැෆ්රන් ග්‍රෑම් දහයක් මේ වන විට ඉන්දියානු රුපියල් 3250ක මුදලට අලෙවි කෙරෙන අතර එය සිල්වර් ග්‍රෑම් 47ක මිලට සමාන වන බව ‘සැෆ්රන් වගාකරුවන්ගේ සංගමයේ සභාපති අබ්දුල් මජීඩ් වානි පැවසූ බව ටයිම්ස් ඔෆ් ඕමාන්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
‘ජීඅයි ටැග්’ සැෆ්රන්වලට එකතු වීමෙන් අනතුරුව සැෆ්රන් වගාකරුවන්ගේ කල දසාව යහපත් වූ අතර ගෙවුණු වසර තුනක කාලය තුළදී ජාත්‍යන්තර හා දේශීය වෙළෙඳපොළේ සැෆ්රන්වල මිල සීයට 63කින් පමණ ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වන විට සැෆ්රන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 300 000ක් වැනි මිලකට අලෙවි වේ.
“අපේ සැෆ්රන් මේ වෙද්දී සෘජුවම ඩුබායිවලට අලෙවි වෙනවා.. අනාගතයේදී එය වෙනත් රටවලටත් අලෙවි වේවි..” සංගමයේ සභාපතිවරයා පවසයි.
ලෝකයේ ජීඅයි ටැග් ලැබූ සැෆ්රන්වලට හිමිකම් කියන එකම රට වන්නේ කාශ්මීරයයි. ජීඅයි හෙවත් භූගෝලීය දර්ශක ලියාපදිංචිය නිශ්චිත භූගෝලීය සම්භවයක් ඇති නිෂ්පාදන හඳුනා ගැනීමට උපකාරී වන අතර ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිදු කෙරෙන නිෂ්පාදනයන්ට වඩා ඉහළ ගූණාත්මක බවක් හිමි ඒවා වේ.







