සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලි පහරින් මිය ගිය මවගේ අවසන් කටයුතුවලට ණය වූ දියණිය අන්ත අසරණ වෙලා… රජයෙන් අවසන් කටයුතු සඳහා දෙන මූලික වන්දිය මාසයක් ගතවීත් ගෙවා නෑ….

by editor
ජනවාරි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වන අලියෙකු පහරදීමෙන් මියගිය වයෝවෘධ මවකගේ අවසන් කටයුතු සිදු කිරීමට රජය මගින් මූලිකව ලබාදෙන රුපියල් ලක්‍ෂයේ මුදල මාසයකට අධික කාලයක් ගතවුවද  ලබානොදීම නිසා    අවසන් කටයුතු සිදුකිරීමට සිදුවූ  ණය මුදල ගෙවා ගැනීමට නොහැකිව අසරණ වී ඇති කාන්තාවක් පිළිබඳ දිඹුලාගලින් වාර්තා වේ.

මෙසේ අසරණ වී සිටින දිඹුලාගල යාය අට දේවගල පදිංචි හතළිස්නව වියති කේ.ජී ක්‍රිශාන්ති කුමාරි කීවේ සිය මව පසුගිය දෙසැම්බර් 14 වැනිදා වන අලි ප්‍රහාරයට ලක් වී මිය ගිය බවය. එසේ මිය ගොස් තිබුණේ හැත්තෑපස් වියති කේ.ජී අනුලාවතී නැමැති මාතාවකි.      වන අලියා පහරදී දින තුනකට පසුව ඇයගේ නිවස අසලම තිබී සිරුර සොයා ගැනිණි.

වන අලියකු පහරදීමෙන් මියගිය අයෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ලබාදෙන අතර තම මව මියගිය පසු අදාළ වන්දි මුදල ලබාගැනීමට සියලු ලියකියැවිලි දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දී මාසකය කාලයක් ගතවුන ද  දේහය පිළිබඳ අවසන් කටයුතු කර ගැනීම සඳහා නිදහස් කරන මූලික   වන්දි මුදලවත් තවම ලබා ගැනීමට නොහැකි වූ බව ඇය කීවාය.

අදාල වන්දි මුදල ලබාගැනීම සඳහා විජයබාපුර ග්‍රාම නිලධාරීවරයා මගින් අයදුම්පත්‍රය සම්පූර්ණ කොට    දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාට භාරදී තිබේ.

කේ.ජී. අනුලාවතී මාතාව වන අලි පහරදීමෙන් බහුවිධ ඇති වු තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බවට පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්.එම්.ඒ.එස්.බි.රත්නායක මහතා මරණ වාර්තාවේ සඳහන් කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තමයි මවගේ අවසන් කටයුතු සිදු කිරීමට තමන් විශාල වශයෙන් ණය වී ඇති බවත්, මෙම තත්ත්වය පිළිබඳ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් වරයා දැනුවත් කලද මෙතෙක් මූලික ලක්ෂයේ වන්දි මුදල ලබා නොදීමෙන් තමන් ඇතුළු පවුලේ ඥාතීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ක්‍රි කේ.ජී  ෂාන්ති   සඳහන් කළාය.

අප මේ පිළිබඳව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එස්.එම්.අල් අමීන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ තමන් ඒ පිළිබඳ වහා සොයා බලන බවයි.

මේ පිළිබඳ  වෙහෙරගල අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ජී.වීරසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම අසරණ පවුලට වන්දි මුදල ලබාගැනීමට සියලු ලියකියවිලි මීට මාසෙකට පෙර දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදුන් බවයි.

මේ පිළිබඳව සොයා බැලීමේදී අපට දැනගත හැකි වූයේ අදාල අංශයේ නිලධාරියෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් රුපියල් ලක්ෂයේ මූලික වන්දි මුදල එම අසරණ පවුලට ලබාදීමට නොහැකි වී ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ කාලයක් ආසන්නයේ පහළවන බුදුවරු, බෝසත්වරු ගැන අස්ගිරි මහ නා හිමියෝ කියති!

Next Post

පාතාල අපරාධ වගකීමෙන් දේශපාලකයින්ට නිදහස් වන්න බෑ… බොහෝ පාතාල අපරාධකරුවන් ඉන්නේ දේශපාලකයින් ඇසුරේ… අස්ගිරි මහා නා හිමියෝ කියති…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.