වන අලියෙක් සහ දළ ඇතෙකු විදුලි සැර වද්දා මරා පුච්චා රහසේ වල දැමීම සම්බන්ධයෙන් තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ලබන 2 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කර ඇත.
තිරප්පනේ – ඔරුක්මාන්කුලම ප්‍රදේශයේදී මෙම වනජීවී අපරාධය සිදු වී ඇත. සිද්ධිය සම්බන්ධව සිදුවන විමර්ශනයන්ට අදාලව අධිකරණ නියෝගයක් මත වන අලින්ගේ සිරුරු ඊයේ (30) ගොඩගෙන තිබිණි.
දළ ඇතාගේ දළ දෙක කපාගෙන පුච්චා වළ දමා තිබුණු බව එහිදී හෙළි විය.
මරා පිච්චූ සිරුරු කොටස් වළ දැමීම සදහා බැකෝ යන්ත්‍රයක් පාවිච්චි කර ඇති අතර එම කටයුත්තට බැකෝ යන්ත්‍ර හිමිකරුට රුපියල් අසූ දහසක මුදලක් ගාස්තු ලෙස ගෙවා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම අපරාධයට අදාල පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පශු වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කළේය. දළ ඇතා සහ අලියා විදුලි සැර වැද්දවීමෙන් ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත.
වැඩිදුර විමර්ශන පැවැත්වේ.