බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලින්ගේ මරණීය තර්ජන විඳිමින් ජීවත්වන මිනිස්සු භාතිය රැකගන්න පෙළ ගැසුන හැටි…

මිනිස්සුන්ගේ අධ්‍යාත්මය මොනතරම් ලස්සන දකින්න ගල්ගමුවට එන්න...

by editor
ජූලි 6, 2025
in පුවත්
Bhathiya
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න –

මහව, ගල්ගමුව, අඹන්පොල පැත්තේ මිනිස්සු ජීවත් වන්නේත් වන අලි ගැටුම මැදය. හේනක් කුඹුරක් බේරා ගැනීමට තබා දරුවෙක් පාසලට යවන්නටවත් නොහැකි තරමට ඒ ගැටුම ඇවිලී ඇත්තේය. අවුරුද්දේ වාර්තා අරන් බැලුවහොත් වැඩිම වන අලි මැරී වැටෙන වන අලින් විසින් මිනිසුන් මරා දමන මහා බිහිසුණු ව්‍යසනයේ මුල් ඇවරියේ ගල්ගමුව පැත්තත් තියෙන්නේය. තමන්ගේ ජීවින වෘත්තිය මෙන්ම ජීවිතයත් ව්‍යසනයකට ඇද දමන වන අලි නිසා මිනිස්සු විඳින දෝමනස්සයන් තේරුම් ගන්නට අර්බුදයේ ගැඹුර ප්‍රායෝගිකව අත් විඳිය යුතුය.

ඒත් මිනිස්සු මහා පුදුමය. ජීවිත අවදානමක් සහිතව යන්තම් ජීවිතය ගැට ගසා ගැනීම සඳහා වන අලි සමග ගැටි ගැටී ජීවත්වන මිනිස්සුන්ගේ අධ්‍යාත්මය මොනතරම් ගැඹුරුදැයි දුටුවෙමි. ගෙදර පොඩි එකා ආපදාවට ලක්වූ ආකාරයෙන් මේ වනවිට ගල්ගමුව අවට ගම්වල මිනිස්සු වැටී සිටින භාතිය ඇතා බේරා ගන්නට රොද බැඳගෙන සිටිති.

අවුරුදු 30 -35ක් පමණ වයස භාතිය ඉදිරිපස දකුණු පාදයේ ආබාධ සහිතව රෝගී වී වතුර වළක වැටී දිවි ගෙවන්නේ මැයි මස 19 වෙනිදා සිටය. ඇතා බේරා ගැන්නීමට වනජීවි නිලධාරීන්ටත් පශු වෛද්‍යවරුන්ටත් අප්‍රමාණ සහයෝගයක් ලබා දෙන්නේ තුන්සිය හැටපස් දවසේම වන අලින්ගෙන් බැට කන ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවය. ඒ කැපවීම ඇහැට කඳුළු උනන්නේය.

අද දින ( 6) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගල්ල, ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර වෛද්‍ය තරිඳු විජේකෝන්
ඇතුලු පිරිසක් පැමිණ භාතිය පරීක්ෂාවට ලක් කළහ. මේ වනවිට ඇතාට අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදු කර යථා තත්ත්වය ට පත් කර ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කෙරෙමින් පවතී.

මේ වන විටත් බලල්ල යුද හමුදා කඳවුරේ පිරිස සහ එක් වූ ප්‍රදේශවාසීන් එක්ව ඇතා වැටී සිටින වලේ වතුර ඉසිමිනි. ඇතාට ආහාර පාන ලබාදෙමිනි. මිනිස්සු ඇතාට අවශ්‍ය පහසුකම් සැපයීමට කැප වී ඇති ආකාරය පැමිණ දෑසින් බැලිය යුතුය. අපට පෙනෙන්නේ භාතිය වෙනුවෙන් ආරක්ෂාව අයදින මිනිස්සුය. සෙත් ශාන්ති කරන මිනිස්සුය. ඒ සතාගේ ජීවිතය වෙනුවෙන් යහපත ප්‍රාර්ථනා කරන මිනිස්සුය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මීට පෙර වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව වනජීවී පශු වෛද්‍ය තාරක ප්‍රසාද් ඇතුළු කාර්ය මණ්ඩලය මගින් ඇතා ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට උත්සාහ දැරූහ.

ඊයේ දිනයේ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ප්‍රනාන්දු ඇතාගේ තත්ත්වය සොයා බැලීමට එම ස්ථානයට පැමිණියෝය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසු වෛද්‍ය අංශයේ වෛද්‍යවරු කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ ඇතාගේ රුධිල සාම්පල රැගෙන විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ ඇරඹූහ.

සියල්ලන්ගේම ප්‍රාර්ථනාව භාතිය නැගී සිටීමය. යළි මේ වන දහනේ සක්මන් කරනු දැකීමය. ඒ සියල්ලන්ටම වඩා හදවත උද්දීපනය කරන්නේ මේ ගැමියන්ගේ අධ්‍යාත්මය තුළ ගැබ්වුන මහා ගැඹුර එළි දැකීමය. එය පමණක්ම සෑහෙන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් මාංචු කුට්ටමක් සමග අත් අඩංගුවට ගත් පොලිස් සැරයන් මාංචු කුට්ටම ලැබුන හැටි කියන්නේ නැතිලු!

Next Post

පිල්ලෙයාන්ගේ ගෝලයා ඉනියභාරතී සීඅයිඩී අත් අඩංගුවට… කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, ඝාතන, අතුරුදහන් කිරීම් වධකාගාර පවත්වා ගැනීම් ඇතුළු චෝදනා රැසක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.