අද (12) ආරම්භ වූ වර්ෂ 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අතරමග වනිඳු හසරංග සම්බන්ධ මිල ගණන් ප්‍රකාශ වෙමින් තිබෙද්දී වෙන්දේසිය මෙහෙයවූ ප්‍රවීන වෙන්දේසිකරු Hugh Edmeades එක් වරම රෝගීව බිම ඇද වැටීම හේතුවෙන් වෙන්දේසිය අතරමග නරත කිරීමට සිදුවූයේය.
අනතුරුව යළි ආරම්භවූ වෙන්දේසියේ දී තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දීය රුපියල් කෝටි 10.75 ක දැවැන්ත ලංසුවක් හිමි වූයේය. එය ලංකා මුදලින් රුපියල් විසිඅට කෝටි හැත්තෑ ලක්ෂයකි. ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවූ මුල්ම ශ්‍රී ලංකා ක්‍රීඩයා ලෙස වනිඳු ඉතිහාසගත වන්නේය.
මින් පෙර දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 7.5ක් වො තිබිණ.
වනිඳුව මිල දී ගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසිනි.
වෙන්දේසිය අතරතුර වෙන්දේසිය මෙහෙයවූ Hugh Edmeades වැටුණු අයුරු මාධ්‍ය වාර්තා කළේ මෙසේය.