අධිකරණයෙන් වාරණ නියෝගයක් ලැබුණු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තම වෘත්තිය සමිති වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත් වී තිබේ.
එහි සභාපති මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා මේ බව කියා සිටියේ ය.
“අධිකරණ නියෝගය ඇවිත් තියෙන්නෙ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට විතරයි. රජයේ හෙද ධාරීන්ගේ සංගමය විතරයි අධිකරණයට ගරු කරලා මේ වර්ජන ක්‍රියාමාර්ගය නතර කරන්නේ. අනෙක් වෘත්තීය සමිති 17 ම ඒගොල්ලන්ගෙ ක්‍රියාමාර්ගය අඛණ්ඩව මේ මොහොත වෙනකොටත් ක්‍රියාත්මක කරනවා.”