ලෝ ප්‍රකට ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් තමාට මුහුණේ අංශභාග තත්ත්වයක් ඇති බව ඉන්ස්ටග්‍රෑම් හරහා වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. මේ සතියේ ඔහුගේ සියලුම සංගීත ප්‍රසංග අවලංගු කළ අතර එම අවලංගු කිරීම්වලට හේතුව මෙම රෝගී තත්ත්වය බව ඔහු සඳහන් කළේය.
ඔහුගේ මුහුණේ දකුණු පස ක්‍රියා නොකරන අතර එම තත්වයට හේතුව රැම්සේ හන්ට් සින්ඩ්‍රෝම ලෙස හඳුන්වන වෛරසයක් හේතුවෙන් ඇති වූ ත්ත්වයක් බවද පවසන ඔහු එය කන ආශ්‍රිතව ආසාදනය වූ වෛරසයක් බව වෛද්‍යවරුන්ගෙන් දැනුවත් වූ බවද සදහන් කරයි
“ඔයාලට පේනවා මගේ මට ඇහිපිය ගහන්න බෑ. මේ පැත්තෙන් හිනාවෙන්නත් බෑ.. මූණේ මේ පැත්ත ක්‍රියා කරන්නෙම නෑ..”
ඔහු සිය වීඩියෝ පටය හරහා මුහුණ පෙන්වමින් පවසයි. මුහුණේ දකුණු පසට මෙම තත්ත්වය බලපා තිබෙන අතර ඔහු සිය රසිකයින්ගේ ඉවසීමෙන් සිටින ලෙසත් තමාට ආශිර්වාද කරන ලෙසත් ඉල්ලා සිටියි.
“මම සංගීත ප්‍රසංග අවලංගු කළේ මේ අංශභාග තත්ත්වය නිසා. මම ප්‍රසංගයකට එන්න තරම් සුවයකින් නෑ.. මේක ඇත්තටම බරපතල තත්ත්වයක්… ඒත් මම බලාපොරොත්තු වෙනවා ලොකු ගැටලුවක් ඇති නොවෙයි කියලා.. ඒත් මගේ සිරුර මට කියනවා හෙමින් යමු කියලා.. මම හිතනවා ඔයාලා මාව තේරුම් ගනී කියලා.. මේ වෙද්දී මුහුණට ව්‍යායාම කරනවා.. ප්‍රතිකාර ලබා ගන්නවා.. ඉක්මණින් සුව වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.. මට සීයට සීයක්ම විශ්වාසයි මම කරන්න ඉපදුනු දේ මට ආයෙමත් කරන්න පුළුවන් කියලා..”
කැනඩාවේ ඉපදුණු ජස්ටීන් බීබර් 28 හැවිරිදි වියේ පසුවේ. ඔහු ලොව පුරා සංචාරය කරමින් සංගීත ප්‍රසංග පැවැත්වීම පසුගිය පෙබරවාරියේ ඇරඹූ අතර මේ සතියේ වොෂින්ටන් හා ටොරන්ටෝ හි සංගීත ප්‍රසංග පැවැත්වීමටත් ඉදිරි සතියේ නිව්යෝර්ක් හා ලොස් ඇන්ජලීස්වලට පැමිණීමටත් නියමිතව සිටියේය.
මාර්තු මාසයේදී ඔහුගේ බිරිද හෙයිලි බීබර් ද මොළයේ රුධිර කැට ගැසීමක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවාය.