සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ලෝකෙටම එකයි….  කඳුළු ගෑස් ගසා “මිනී මරන” ලෝකයේ එකම රට!

by editor
මාර්තු 11, 2023
in පුවත්
Tear-Gas
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

ගෑස් පෝලිම් නිසා පීඩාවට ලක්ව සිටි කොළඹ ජනතාව අද විඳවන්නේ කඳුලු ගෑස් නිසාය.

දෑසට කඳුලු නැංවිම පමණක් නොව උන් හිටි තැන්වලම අසරණ කරවන තරමේ අපහසුතා රැසක් ඇති කරවන කඳුලු ගෑස් නිසා පීඩාවට පත් වන්නේ ඉලක්ක කරන විරෝධතතා කරුවන් පමණක් ම නොව අහළ පහළ මහ මග යන්නන්ද සමගය.

පසුගියදා කොළඹ සරසවිය අසල විරෝධතාවකදී කඳුලු ගෑස් ප්‍රහාරයෙන් බේරෙන්නට උත්සාහ කළ විශ්ව විද්‍යාල සේවකයෙක් වැසිකිලියක් තුළ මරණයට පත්ව සිටි බව වාර්තා වූ අතර ඊට පෙර පැවති විරෝධතාවකදී  කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලට ලක්වූ ජාතික ජනබලවේගයේ සාමාජියකුගේ  ජීවිතයද අහිමි කළේය. කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අසාධ්‍යව සිටි ගණේමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් මීට දින කීපයකට පෙර මිය ගියේය.

මෙම ම්ලේච්ඡ කඳුළු ගෑස් ප්‍රහාරයන් ප්‍රශ්න කරමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවල සංයුතිය ඇතුළු කාරණා ගණනාවක් පිළිබඳ විමසූ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල පැවසුවේ  පසුගිය 26 වැනිදා සිට ඊයේ දිනය දක්වා මරණ තුනක් වාර්තා වූ බවය. එක් පුද්ගලයෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ සිහි විසඥව සිටින බවය. 28 දෙනෙක් රෝගීවී ප්‍රතිකාර ලබාගෙන ඇති බවය.

ඇත්තටම මේ කඳුළු ගෑස් මාරාන්තිකද? මේවා භාවිත කළ යුතු සීමා මායිම් තිබේද යන්න පිළිබඳව විමසිලිමත් වීම වැදගත්ය. මේ ගැන විමසූ අපට අවබෝධ වූ කරුණක් වූයේ විරෝධතා මෙල්ල කිරීමට කඳුළු ගෑස්  භාවිත කරන ලෝකයේ  පාලකයන් බොහෝ විට එහි සීමා මායිම් නොසලකා අමානුෂික මට්ටමින් ඒවා හසුරුවන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධයෙන් රටවල් ගණනාවක මානව හිමිකම් සංවිධාන ඇතුළු සංවිධාන සහ විද්වතුන් වෙතින් විරෝධතා එල්ල වී ඇත.

භාවිතය හා සංයුතිය

ජාත්‍යන්තර මානව හිමිකම් නීති රීතීන්ට අනුව කඳුළු ගෑස් එනම් කැරළි මර්ධන රසායනික ද්‍රව්‍ය භාවිතයට තහනමක් ඇත්තේ යුද්ධවලදී පමණි. 1925 ජිනීවා ජාත්‍යන්තර සම්මුතියට අනුව  යුද්ධවලදී එය භාවිත කිරීම තහනම් වුවද මාරාන්තික බව අඩු  රසායනික අවියක් ලෙස මෙය (Less Lethal Legal weapon) විරෝධතා  සහ කැරලි විසිරුවා හැරීමේදී භාවිත කළ හැකි බව දක්වා තිබේ.

මෙම කඳුළු ගෑස්වල ඇති රසායනික සංයෝග ගණනාවකි. මිරිස් සහ ගම්මිරිස්වල පවතින කැප්සියම් නම් ඔලියොරෙසිනය ඇතැම් කඳුළු ගෑස්වල අඩංගුය. මුල් කාලවලදී ජනතාව පළවා හැරීමට බොහෝ විට භාවිත කර ඇත්තේ එයයි.

එහෙත් පසු කාලීන ව තවත් රසායනික සංයෝග ගණනාවක් භාවිත වන බවට විද්‍යාත්මක තොරතුරු පවතී. එ් අනුව අද වැඩිපුරම භාවිතවන රසායනික සංයෝගය ලෙසන් සැලකෙන්නේ ක්ලෝරෝබෙන්සැල්මැලෝනෝනයිට්‍රේට්  (chlorobenzalmalononitrile) ය. මෙය සාමාන්‍ය වහරේදී හැඳින්වෙන්නේ CS ලෙසින්ය. මීට අමතරව ක්ලෝරෝසෙටෝපිනෝන් , ගම්මිරිස් සහ මිරිස්වල අඩංගු ඔලියෝරෙසිනයක් වන කැප්සිකම් ඩිබෙන්සෝසැසපයින් නම් රසායනික ද්‍රව්‍යයද භාවිත වෙයි.

මෙම රසායනික ද්‍රව්‍ය කඳුළු ගැලීම නොව මුලින්ම උද්දීපනය කරවන්නේ අපේ ශරීරයේ වේදනා සඳහා සංවේදක ස්නායු පද්ධතියි. ශරීරයේ දැවිල්ල, ශ්වසන අපහසුතා කඳුළු ගැලීම ඔක්කාරය සමේ දැවිල්ල උගුරේ දැවිල්ල ඇතුලු අපහසුතා රැසක් ඇති කරවන අතර මෙම රසායනික වලට දැඩි සේ නිරාවරණය වීමෙන් ඇතැම් විට අභ්‍යන්තර රුධිර වහනය ඇතුළු සංකූලතා හේතුවෙන් මරණය පවා ඇති විය හැකි බව ඒ පිළිබඳව මේ වවිට එක්රැස් කර පවතින විද්‍යාත්මක තොරතුරු වල සඳහන් වෙයි.

මාරාන්තිකයි… ඒ නිසා භාවිතා කළ හැකි සීමා තිබේ

කැරලි කෝළාහල විසිරුවා හැරීමෙ අවියක් ලෙස මෙය භාවිත කළ හැකි වුණත් මෙයින් ඇතිවන මෙවැනි සෞඛ්‍ය ප්‍රශ්න සහ  පීඩාවන් හේතුවෙන් ඒවා භාවිත කළ යුතු සීමා මායිම් පෙන්වා මෑතකදී එක්සත් ජාකීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මග පෙන්වීම් මාලාවක් සම්පාදනය කර ඇත.

ජාත්‍යන්තර මානව හිමිකම් නීති රීතීන්ට අනුගතව සකසන ලද මෙම මග පෙන්වීම් මාලාව මෙම කඳුළු ගෑස් භාවිත කළ යුත්තේ කෙතරම් ප්‍රවේශම් සහගතව සහ කල්පනාකාරීවද යනන් පිළිබඳව මඟ පෙන්වයි.

ඔවුන්ට අනුව සාමකාමීව සිදු කරන ඕනෑම මහජන විරෝධයක් සඳහා ජනතාවට අයිතියක් ඇත. රජය නීති විරෝධී ලෙසින් ප්‍රකාශයට පත් කළ ද යම් විරෝධතාවක් සාමය කඩ නොවන අයුරින් පවත්වා ගැනීමේ අයිතිය මෙම මඟ පෙන්වීම තුළ ඉස්මතුකරවයි.

ඒ  අනුව කඳුළු ගෑස් භාවිත කළ යුත්තේ යම් විරෝධතාවක් විසිරුවා හැරීමේ හෝ ගැටුමක් සමනය කිරීමේ නොකරම බැරි අවසාන විකල්පය ලෙසිනි.

එසේ උපදෙස් දී ඇත්තේ එයින් ජනතාවට මුහුණ පාන්නට සිදුවන සෞඛ්‍ය ආබාධ සහ මරණීය අවදානම සැලකිල්ලට ගනිමිනි. මෙවැනි කඳුළු ගෑස් ප්‍රහාරයකද විශේෂයෙන්ම අවට පවතින කාර්යාල, පාසල් වැනි ආයතනවල  සිටින පුද්ගලයන්ට සිදුවන අපහසුතා ආදිය අවම කිරීමද එහි එක අරමුණකි.

කඳුළු ගෑස් භාවිතය සඳහා ජාත්‍යාන්තර මග පෙන්වීම

2020 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මගින් ප්‍රකාශයට පත් කළ අඩු මරාන්තික අවි භාවිතය සම්බන්ධ මග පෙන්වීම් මාලාවට අනුව ඔවුන් පවසන්නේ බැටන් පොලු හො ගිනි අවි අත දරාගෙන විරෝධතා පාලනය කිරීමෙන් සහ විසිරුවා හැරීමේ ක්‍රමවේදයක් වෙත යොමු වීමට වඩා  මෙවැනි රසායනික වගකීමෙන් යුතුව භාවිත කිරීම වැදගත් වන බවය.

මෙම ද්‍රව්‍යද නිවැරදි දනුමක් සහ පුහුණුවක් නැති පුද්ගලයන් අතින් භාවිත කළහොත්  මරණ සිදුවිය හැකි බව පවසන මෙම මග පෙන්වීම් මාලාව අවධාරණය කරන්නේ ප්‍රවේසමෙන් ඒවා හැසිරවිය යුතු බවය.

එම මග පෙන්වීම් මාලාවේ 6.3 වගනතිය යටතේ පැහැදිළිව දක්වා ඇති කරුණු කිහිපයක් ඇත.

එහෙත් ගැටුම්කාරී තත්ත්වයන්ට මුල පුරන විරෝධතා විසිරුවා හැරීමේදී මෙම කඳුළු ගෑස් අවියක් ලෙස භාවිත කළ හැකි බව එම මගපෙන්වීම පිළිගනී.

 එහිදී අනුගමනය කළ යුතු පිළිවෙතක් ඔවුන් දක්වා ඇත.

  • විරෝධතාකරුවන් මෙල්ල කිරීමට බැටන් කඳුලු ගෑස් ජල ප්‍රහාර එල්ල කරන බව කල් තියා ඒත්තු ගැන්වීමෙන් ඔවුන් අතර නොසන්සුන්තාවක් කෝප ගැන්වීමක් සිදුවිය හැකිය. එබැවින් එවැනි අවස්ථා සූදානම් කළ යුත්තේ අවසන් අවස්ථාවේදී
  • මෙම කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කිරීමේදී ඊට කලින් දෙතුන් වතාවක් අනතුරු ඇඟවීම් කළ යුතුය. ඔවුන්ට විසිර යන ලෙස දන්වා අවසන් අවස්ථාවේදී ද නිවේදන නිකුත් කිරීමෙන් පසු මෙම ප්‍රහාර එල්ල කළ යුතු බව දක්වා ඇත්තේ එයින් දරුණු තුවාල හො මරණ සිදුවීම වළක්වා ගැනීම් අරමුණිනි.
  • කඳුලු ගෑස් හෝ ජල ප්‍රහාර කිසිසේත් තනි පුද්ගලයන් ඉලක්ක කොට එල්ල නොකළ යුතු වන අතර ඔවුනට එවැනි විසිරුවා හැරීමකදී බේරී යාමට ප්‍රමාණවත් ඉඩකඩ පවතින බව තහවුරු කිරීමෙන් අනතුරුව ප්‍රහාර එල්ල කළ යුතුය.
  • කෙසේ වුවද කවර අවසථාවකදී හෝ මෙවැනි කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලදී යමකුට යම් අනතුරක් නොවන බවට වගකීමෙන් යුතුව එය හැසිරවිය යුතු බවට මෙම මග පෙන්වීම් මාලාව මඟින් අවධාරණය කර තිබේ.

  ලංකාවේ ප්‍රශ්නය 

මේ කතා බහ අතරට ශ්‍රි  ලංකාවේ ඊට අලුත් පරිච්ඡේදයක් එක් කිරීමේ ප්‍රස්තුතයක් නිර්මාණය වී ඇත. ඒ  පසුගිය කාලය තුළ ශ්‍රි ලංකාවේ භාවිත කළ කඳුළු ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් නිර්මාණය වූ තත්ත්වයයි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගෙ මූලිකත්වයෙන් සිදු කෙරුණු විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ ශ්‍රි ලංකා පොලිසිය විසින් කඳුළු ගෑස් භාවිත කළ අවස්ථාවලදි අවස්ථා කිහිපයක් හැරෙන්නට බහුතරයක් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වී ඇත්තේ   සාමකාමී විරෝධතා අතරටය.

ෙඑමෙන්ම තරිඳු ජයවර්ධන පවසන්නේ මෙම කඳුළු ගෑස් සම්බන්ධයෙන් පොලිසියෙන්  ලබා ගත් තොරතුරු අනුව පසුගිය 2022 වසරේ අරගල සමයේ භාවිත කර ඇති කඳුළු ගෑස් කෑන් බොහොමයක් කල් ඉකුත් වූ ඒවා බවය.

නිෂ්පාදක තොරතුරු අනුව 2000 වසරේ දී මිල දී ගත් ඒවා බවය. මෙම නිශ්පාදනවල ආයු කාලය වසර 5ක් වුවද වසර 22ක් පැරණි කදුළු ගෑස් භාවිත කිරීම ශිෂ්ඨ ලෝකය කිසිසේත් පිළිනොගන්නා තරමේ භයානක ක්‍රියාදාමයක් බව පොලිසියද පිළිගත යුතුය.

මෙම විමර්ශනාත්මක මාධ්‍යවේදියා තවදුරටත් පවසන්නේ ශ්‍රි ලංකාවේ කඳුළු ගෑස් භාවිත කරන සෑම අවස්ථාකම පාහේ  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කළ මඟ පෙන්වීම්වලට පිටින් එය සිදු වන බවය.

පැරණි කඳුලු ගෑස් භාවිතා කිරීමට අමතරව කඳුලු ගෑස් අධික ලෙස භාවිත කිරීම,  පෙර අනතුරු ඇඟවීම් සිදු නොකිරීම, ජනතාවට බේරී යාමට නොහැකි ලෙස  වට කොට ප්‍රහාර එල්ල කිරීම වැනි ලෝකය පිළිනොගන්නා ක්‍රම භාවිත වන බව තරිඳු ජයවර්ධන පවසයි.

කෙසේ වුවද කඳුළු ගෑස් ප්‍රහාරයකින් අනතුරුව මරණ තුනක්  සිදුවීම මීට පෙර වාර්තා නොවූ අසාමාන්‍ය සිදුවීමකි.

මරණ පමණක් නොව සුළු තුවාලයක්වත් සිදුවීම වැලැක්වීමේ අරමුනින් භාවිත කරන මෙම කඳුළු ගෑස් නිසා මරණ සිදුවූ අවස්ථාවක් ලොකයේ ද වාර්තා වන්නේ නැත.

එබැවින් මෙම සිදුවීම වෛද්‍ය වෝහාරික පර්යේෂකයන්ට පුළුල් පර්යේෂණයක් කරන්නේ නම්  හොඳ සිද්ධි අධ්‍යයන තුනකි.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ අද දෙදින තුළ මහනුවර පොලිස් බල ප්‍රදේශය තුළ මිනී මැරුම් 03ක්….

Next Post

අධිකරණය හෑල්ලු කරන්න එපා ! සේමසිංහගේ සහ දොලවත්තගේ කතාවලට නීතීඥ සංගමයේ දැඩි විරෝධය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.