-
ඔබේ රටවල ජනාධිපති කාර්යාල විරෝධතා කරුවන්ට අත්පත් කරගත හැකි ද?. සමාජ මාධ්‍යවල ඇති දේ දකිමින් ප්‍රකාශ නිකුත් කර රට ව්‍යසනයකට ඇද නොදමන්න… ජනපති අවධාරණය කරයි…
ඊයේ සවස කොළඹ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ජනාධිපති කාර්යාලයට ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංශ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය එළිපෙහෙළි කිරීමට ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සිය නිල නොවන කනස්සල්ල පල කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාල බල ප්‍රදේශයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට සිදු කළ හමුදා මෙහෙයුම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කළ බවත් ඉදිරියේ දී ප්‍රකාශ නිකුත් කරන විට කරුණු පැහැදිලි කර ගැනීම සඳහා බලධාරීන් සමඟ සම්බන්ධවන ලෙසත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා සිට ඇත.
පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වූ එම සාකච්ඡාවේදී ජනාධිපති වික්‍රමසිංහ සිය රටවල ජනාධිපති කාර්යාලය නීති විරෝධී ලෙස විරෝධතාකරුවන්ට අත්පත් කරගත හැකි දැයි සැහැල්ලූ ස්වරයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකුගෙන් විමසා ඇත.
ඔහු ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී ප්‍රකාශ නිකුත් කරන්නේ නම්, සමාජ මාධ්‍යවල ඇති දේ ගැන පමණක් පදනම් නොවනක ලෙසය. ඕනෑම දෙයක් විමසා පැහැදිලි කරගැනීමට හැකි බවය.
හමුදා ක්‍රියාන්විතය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළ ජනාධිපති වික්‍රමසිංහ, අධිකරණ නියෝගයක් නොතකා විරෝධතාකරුවන් දිගින් දිගටම එම ප්‍රදේශය අල්ලාගෙන සිටින බවත් ඔවුන් දිගින් දිගටම නීති විරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින බවත් දන්වා ඇත.
ඊයේ පෙරවරු 6 වන විට විරෝධතාකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දන්වා තිබූ නමුත් විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කර විකල්ප වේලාවක් ලබා දුන් බවත් එය බලධාරීන් විසින් පිළි නොගත් බවත් ඔහු ඔවුන්ට දන්වා සිටියේය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මිත්‍ර ජාතීන්ගෙන් සහය අවශ්‍යව ඇති අවස්ථාවක, සමාජ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන කරන ප්‍රකාශවලින් පමණක් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි සිදුවිය හැකි බැවින්, ප්‍රකාශ නිකුත් කිරීමේදී අදාළ නිලධාරීන් සමඟ පරීක්ෂා කර බලන ලෙස ද ජනාධිපති වික්‍රමසිංහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
(ඩේලි මිරර්)
මේ දැක්වෙන්නේ අරගලකරුවන් සහ පොලිසිය අතර ප්‍රහාාරයට පෙර ඇති වුණ සංවාදයයි….