කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය සංචාරක ක්ෂේත්‍රය යලිත් නැගී සිටීමත් සමඟ ඉන්දියාව විසින් සිය සංචාරක ක්ෂේත්‍රය නවමු මඟකට යොමු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඉන්දිීය රජය විසින් විශේෂ වෙළෙඳ පොලක් සොයා ගැනීමට මේවන විට අවදානය යොමු කර තිබේ. මෙහිදී නවතම සංචාරක වෙළෙඳ පොළ වන සෞඛ්‍ය සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට පියවර මේවන විටත් ගෙන ඇති බවට වාර්තාවේ.
මෙම නව වෙළෙඳ පොළ ඇමරිකා ඩොලර් බිලියන 60ත් 80 ත් ප්‍රමාණයක් වන අතර දළ වශයෙන් සෞඛ්‍ය සංචාරකයින් වාර්ෂිකව මිලියන 14ක් පමණ සංචාරය කරන බවටද ජාත්‍යනත් දත්ත වර්තා අනාවරණය කරයි.
කෙසේවෙතත් ඉන්දීය දතත් වර්තා සඳහන් කරනු බන්නේ ගෝලීය සෞඛ සංචාරක වෙළෙඳ පොලේ සත්‍ය වටිනාකම ඇමරිකාන ඩොලර් බිලියන 80 ඉක්මවන බවයි.
මේ වන වට ඉන්දියාවට පැමිණෙණ සෑම සංචාරකයින් සිය දෙනෙකුගෙන්ම හත් දෙනෙකු සෞඛය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන බවට අනාවරණය වන අතර එහිදී ඔවුන් සෞඛ්‍ය සේවා සඳහා පැමිණ බවට ඔවුන්ගේ වෙනත් දතත් පදනම් කරගෙන සකස් කිරිම සිදුකර ඇත.
මිට හේතුව වී ඇත්තේ දැනට ඉන්දියාව විසින් සෞඛ්‍ය සේවා ලබා ගැනීමට වෙන්වූ විශේෂ වීසා නිකුත් කිරීමක් සම්බන්ධයෙන් අවධනයක යොමු කර නොමැති බැවිනි. ඒ අනුව ඉදිරියේදී සෞඛ්‍ය සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස සඳහා විශේෂිත වු වීසා ලබා දීමටත් එමගින් ඊට අදාන දතත් රැස් කරගැනීමටද ඉන්දියාව අවාධනය යොමු කර තිබේ.